උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඓතිහාසික ගමන් මගක!

korea1953 න්පසු වෙන් වූ උතුරු සහ දකුණු කොරියාවේ නායකයින් හමුදා මුක්ත කලාපයකදී අද (27) ප්‍රථම වතාවට හමුව තිබේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් ලෝකයේ ප්‍රභල හමුදා සන්නද්ධ කලාපයක් පසුකරමින් කලින් සතුරෙකු ආකාරයෙන් හදුනාගෙන තිබූ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ‘මිතුරාව’ හමුවූයේය. දෙදෙනා දෙරට අතර දේශසීමාවේ සිට අතට අත දී සුහදව පිලි ගනු ලැබීය.

න්‍යෂ්ඨික අවි භාවිතය පිළිබඳව දෙදෙනා දකුණු කොරියාවේ සාකච්ඡා ඇරඹීම සඳහා යාමට පෙර, දේශ සීමාව පසුකර උතුරු කොරියාවේ කෙටි දුරක් පිය මනින ලෙස සියළු දෙනාම මවිතයට පත් කරමින් උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු ජනාධිපතිවරයාට ආරාධනා කලේය. එය කලින් සැලසුම් කර තිබූ එකක් නොවන බව විදෙස් පුවත් වාර්තා කරයින

මෙහිදී ජනාධිපති මූන් මහතාගේ අත අල්ලා ගත් උතුරු කොරියානු නායකයා ඔහුව උතුරු කොරියාවට රැගෙන ගියේ රතු පලසකින්ය.

මේ අතර උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනු ලැබුවේ දෙරට අතර සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය සබදතාවය ගොඩනැගීමට කිම් ජොං උං හදවතින්ම කටයුතු කරන බවයි.  න්‍යෂ්ඨික අවි භාවිතය පිළිබඳවසාකච්ඡාවේ පළමු සැසිය නිමා වීමෙන් පසුව දෙදෙනා දිවා ආහාරය ගනු ලැබුවේ වෙනමමය. උතුරු කොරියානු නායක කිම් ජොං උන් ආයුධ සන්නද්ධ ලිමොසීන් රථයකින් දිවා ආහාරය සඳහා නැවත දේශසීමාව පසුකර උතුරු කොරියාවට ගමන් කලේය. නැවත සාකච්ඡාව ආරම්භ කිරීමට දෙදෙනා සවස හමුවෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.