ට්‍රම්ප් හිරවෙන ලකුණු

donald-trump-aආණ්ඩුවේ වියදම් වලට අදාළ පනත් කෙටුම්පතක් සෙනේට් සභාවේ දී පරාජයට පත්වීමත් සමඟ ඇමෙරිකානු ෆෙඩරල් ආණ්ඩුවේ බොහෝ ආයතන අකර්මණ්‍ය වෙමින් පවතින බව වොෂිංටන් වාර්තා මගින් පැවසෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ව්‍යවස්ථාදායකය වන ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට යොමු කරන ලද මූල්‍ය පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුනත් සෙනේට් සභාවේදී එය පරාජයට පත් වීමත් සමග එම අර්බුදය පැණ නැගුණි.

අදාළ පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී ඊට පක්ෂව ඡන්ද 230 ක් සහ විපක්ෂව ඡන්ද 197 ක් ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මතවී තිබුණි.

පෙබරවාරි 16 වෙනිදින තෙක් අවශ්‍ය වැය සඳහා අදාළ එම මුදල් පනත් කෙටුම්පත සම්මත වීමට නම් සෙනේට් සභාව තුළත් ඡන්ද හැටකින් (60) සම්මත විය යුතුව තිබුණි.

එහෙත් සංක්‍රමණිකයන් සහ දේශසීමා ආරක්ෂාව මුල්කර ගත් තියුණු විවාදයක් හමුවේ සෙනේට් සභාව තුළ එම අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පනතට පක්ෂව ලැබී නැත.

මූල්‍ය බලය

ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූල්‍ය බලය හිමි වෙන්නේ ව්‍යවස්ථාදායකයවන කොන්ග්‍රස් මණ්ඩලයටය. එබැවින් විධායකයට අවශ්‍ය මුදල් අනුමැතිය ව්‍යවස්ථාදායකයෙන් නොලැබීමේ තේරුම ෆෙඩරල් ආණ්ඩුව දුෂ්කර තත්වයකට පත් කිරීමකි.

ඇමරිකානු ව්‍යවස්ථාදායකය සංයුක්ත ද්විමණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනේට් සභාවේ බහුතර බලය දැනට විධායක බලය අයත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට හිමි තත්වයක් යටතේ මුදල් පනත් කෙටුම්පතක් ප්‍රතික්ෂේප වීම සුවිශේෂී මෙන්ම විරල සිද්ධියක් ද වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.