පාසැල වෙත ගිය දරුවන් 13දෙනෙකු යකඩ යකාට බිලිවේ !

india accidentඅද(26) උදෑසන, උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ වෑන් රථයක් ස්වයංක්‍රීය ගේට්ටු සහිත දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමේදී ගැටී දරුවන් 13 ක් මිය ගොස් ඇති බව එරට පුවත් පවසයි.

දරුවන් 22 මෙම වෑන් රථයේ ගමන් කරමින් සිටිය අතර අට දෙනෙකු රෝහල් ගත කර ඇත. උතුරු ඉන්දියාවේ ගොරොක්පූර් බලා ගිය දුම්රියෙහි ගැටුණු මෙම වෑන් රථය තුළ සිට ඇත්තේ පාසැල් වෙත ගිය දරුවෝය. මෙම අනතුරට හේතුව තවමත් සොයා ගෙන නැත.

දැනට සතියකට පමණ පෙර දරුවන් රැගත් බස් රථයක් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ප්‍රපාතයකට පෙරලීමෙන් දරුවන් 24 ක් මිය ගියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.