පිරිමින්ට පමණයි සාදයට ගිය ඇමැතිට වැඩ වරදී

Shadow Manපසුගියදා ලන්ඩනයේ ද ප්‍රසිඩන්ට් ක්ලබ් නම් බ්‍රිතාන්‍යයේ ඉහළ සමාජය නියෝජනය කරන සංවිධානය විසින් අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් සංවිධානය කර තිබු සුඛෝපභෝගී හෝටලයක පැවැත්වුණු පිරිමින්ට පමණක් සීමා කෙරුණ සාදයකට සහභාගී වූ ඇමතිවරයකු බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ දැඩි දෝෂාරෝපණයට ලක් වී ඇත. එම සාදයට සහභාගි වූ ධන කුවේරයන් සඳහා සංග්‍රහ කිරීම සඳහා කොට ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය කරන ලද සත්කාරක තරුණියන් යොදවා තිබුණ අතර සාදය අතරවාරයේ මත්පැනින් පදම් වූ ඇතැම් පුරුෂයන් ඔවුන්ට ලිංගික හිරිහැර කළ බවට වාර්තා වීමත් සමගය.

මෙලෙස දෝෂ දර්ශනයට ලක්වී ඇත්තේ ළමයින් සහ පවුල් කටයුතු භාර ඇමති නදීම් ෂහාවි වන අතර ඔහු පවසන්නේ තමා එම පුරුෂ සාදයට සහභාගී වුවත් වහාම එම ස්ථානයෙන් පිටව ගිය බවයි. එසේ වුවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජුලියන් ස්මිත් ඉදිරියේ කරුණු පැහැදිලි කරණ ලෙස නදීම් ෂහාවිට දන්වා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.