බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන පස්වැනි කුමරුවා උපත ලබයි!

williamබ්‍රිතාන්‍ය ඔටුන්නට පස්වැන්නාට හිමිකම් කියන කුමරා උපත ලද බව ඊයේ (23) බකිංම්හෑම් මාළිගය බ්‍රිතාන්‍ය වේලාවනේ උදෑසන නිවේදනය කර තිබේ.

රජ පවුලේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් වන, බිළිදෙකු උපත ලද විට ඒ බව නිල වශයෙන් දැන්වීමේ පුවරුව ප්‍රදර්ශනය කිරීම, මුලින්ම තම ඡායාරූපයට හසු කර ගැනීමට බොහෝ පිරිසක් බකිංහෑම් මාළිගය ඉදිරිපිට රැඳී සිටි බවද විදෙස් පුවත් වාර්තා කරයි.

මේ අතර රාජකකුමරු උපත ලද බව සාම්ප්‍රදායිකව දැන්වීම සඳහා වෙස්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ ඝණ්ඨා නාදය හෙට සවස 1 ට පවත්වන බවට ට්වීට් පණිවිඩයක් මගින් දන්වා ඇත.

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් මහ රැජිණගෙන් පසුව එම තනතුරට උරුමකම් කියනුයේ චාල්ස් කුමරු වන අතර ඔහුගෙන් පසුව ඔහුගේ වැඩිමහළු පුත් විලියම් කුමරුය. විලියම් කුමරුගේ වැඩමහලු පුත් ජෝජ් ඉන්පසුව රජකමට හිමිකම් කියනු ලබයි. ඊට පසුව ජෝජ් කුමරුගේ නැගණිය චාලට් කුමරිය හිමිකම් කියනු ලබන අතර අළුත උපන් කුමරුවා ඔටුන්නට හිමිකම් කියන්නේ ඒ අනුවට පස්වැන්නා ලෙසය.

අලුත් කුමරුගේ ඉපදීමත් සමගම විලියම් කුමරුගේ සොහොයුරු හැරී කුමරාට රජකමට උරුමකම් කීමට ලැබෙන්නේ සයවැන්නා ලෙසය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.