මහ තීර් වයස 92 යි වැඩ සුපිරි

mahathir mohamadමැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීය.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන මහතීර් මොහොමද් මේ වනවිට 92 වැනි වියේ පසුවෙයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ දශක ගණනාවක් මුළුල්ලේ එරට බලය හොබවන බරිසාන් නැෂනාල් සන්ධානයට අභියෝග කරමිනි. එම පක්ෂය මැලේසියාව නිදහස ලැබූ 1957 වසරේ සිට බලයේ පසුවෙයි.

දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් පසු මහතීර් මොහොමද් විපක්ෂයේ කටයුතු කළේය. මහතීර් මොහොමද්ගේ ප්‍රතිවාදියා වූයේ අගමැති නජීබ් රාසක්ය. නජීබ් රසාක්ට දේශපාලන ගුරුහරුකම් කියා දී ඇත්තේ මහතීර් මොහොමද්ය. කෙසේ වෙතත් නජීබ් රසාක්ට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර පරාජයෙන් පසු මෙතෙක් ඔහු කිසිවක් ප්‍රකාශ කර නොමැත.

තම සන්ධානය ‘නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනවා’ යැයි ජයග්‍රහණයෙන් පසු මහතීර් මොහොමද් කීවේය.

මහතීර් මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘පකතාන් හරපාන්’ පක්ෂය ප්‍රමුඛ ‘බලාපොරොත්තුවේ සන්ධානය’ නැමැති සන්ධානයෙනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.