සනීපාරක්ෂක තුවාය, ඉන්දියානු මැතිවරණයේ පෙරට!

කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීම ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වී ඇත. කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ගැන කිසිදු උනන්දුවක් නොදක්වන ඉන්දියානු දේශපාලකයන්ට මේ වැළඳී ඇත්තේ කුමන රෝගයක් දැයි එරට ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන්නේ වීදි බැස විරෝධතා සංවිධානය කරමිනි.

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධාන පක්ෂ ලෙස තරඟ වදින කොංග්‍රස් පක්ෂයත් භාරතීය ජනතා පක්ෂයත් කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ දීම ප්‍රකාශ කර ඇත්තේ එකිනෙකා පරයා යමිනි. එනම් දුප්පත් කාන්තාන්වට සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බවට කොංග්‍රසය පොරොන්දු දෙද්දී දැනට කර්ණාටකය පාලනය කරන භාරතීය ජනතා පක්ෂය පවසනුයේ තමන් නැවත බලයට ආවිට සියළුම කාන්තාවන්ගේ සනීපාරක්ෂාව නොමිලේ සලසන බවයි.

කෙසේ වෙතත් එළඹෙන ජුලි මාසයේ සිට සනීපාරක්ෂක තුවා සඳහා 12% ක බදු පැනවීමට භාරතීය ජනතා පක්ෂ පාලනයකින් හෙබි ඉන්දීය රජය කටයුතු කරමින් සිටී. මුලින් බදු පනවා පසුව සනීපාරක්ෂක තුවා නොමිලේ දෙන බවට පොරොන්දු වීම විහිලුවක් නොවේදැයි ක්‍රියාකාරීන් පවසන්නේ දැඩි පිළිකුලෙන් යුතුවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.