සාර්, ස්ටාලින් ‘අභිබවා’ යන පුටින්

putinපසුගිය මාර්තු මාසයේ රුසියාවේ පැවති ජනාධිපතිවරණයෙන් සිව්වැනි වතාවටත් තේරී පත්වූ ලැඩ්මියර් පුටින් ඊයේ (07) ජනාධිපතිධූරයේ දිව්රුම්දීමට කටයුතු සංවිධානය කර ඇත. පැවති මැතිවරණයෙන් ඔහු 76%ක් ඡන්ද ලබා ගත්තේය.

මේ අතර පුටින්ගේ දිව්රුම්දීමට විරෝධය පලකළ පුද්ගලයන් 1000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර ප්‍රභල විපක්ෂ නායකවරයෙකු වූ ඇලෙක්සි නවල්නි ද වෙයි. ඔහුගේ සටන් පාඨය වූයේ ‘ පුටින් තවත් සාර් කෙනෙක් නොවේ’ යන්නයි.

2000 දී ප්‍රථම වරට ජනාධිපතිවරයා ලෙස පත්වූ ව්ලැඩ්මීර් පුටින් දෙවන වතාවට ජනාධිපතිවරයා ලෙස 2004 දී පත්විය. රුසියානු නීතියට අනුව ජනධිපතිධූරයට ඉදිරිපත් විය හැක්කේ එකළඟ දෙවතාවක් පමණි. ඒ අනුව 2008 මැතිවරණයේදී ඔහු අගමැතිවරයා ලෙස කටයුතු කලේය. නැවත 2012 දී ජනාධිපතිවරයා වූ අතර ධූර කාලය වසර 6 ක් දක්වා කටයුතු කලේය.

රුසියාව පාලනය කළ ඒකාධිපති පාලකයෙකු වූ ජෝසප් ස්ටාලින් වසර 31 ක් රට පාලනය කළ අතර සාර් ( දෙවැනි ඇලෙක්සැන්ඩර් ) රජු වසර 26 ක් පාලනය හෙබවූයේය. පුටින් 2024 නැවත බලයට පත්වුවහොත් ඔහු වැඩිම කලක් එනම් ශතවර්ෂ භාගයක් රට පාලනය කළ පාලකයා බවට පත් වනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.