හවායි දූපත්වල ගිනි කන්දක් පුපුරයි, 1700ක් අවතැන්

හවායි දූපතේ කිලඑව්යා ගිනිකන්ද පුපුරා ජනපද වලට ලාවා ගලායාම හේතුවෙන් 1700ක් පමණ ජනතාවක් මේ වන විට ඉවත් කර ඇත.

මෙසේ ඉවත් කොට ඇත්තේ ලෙයිලානි ස්ටේට් හි පදිංචි කරුවන්ය. අවතැන්වූවන් සඳහා තාවකාලික කඳවුරු සූදානමින් පවතී.

වාර්තා වන අන්දමට ගිනිකන්දට ආසන්න ප්‍රදේශවල සල්ෆර් ඩයොක්සයිඩ් විෂ වායුව ඉහළ සාන්ද්‍රණයකින් මුක්ත වේ.

ගිනිකන්ද පුපුරා යාමත් සමග ඉදිරි දින වලදී භූ කම්පන බලා පොරොත්තු විය හැකි බව ගිනිකඳු පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙයි.

පසුගිය දිනවල පිපිරීම් මගින් ගලා ගිය ලාවා ජනතාව පදිංචි වී සිටින දිශාවට ගමන් කළ හෙයින් හදිසි දැනුම්දීමක් යටතේ තම පදිංචි ස්ථානවලින් ඉවත්වන්නට සූදානමින් සිටින්නැයි පදිංචිකරුවන්ට එරට බලධාරීන් විසින් උපදෙස් ලබාදී තිබුණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.