හැට පැන්න ගොරිල්ලා ආච්චි අවසන් ගමනේ

gorillaලොව වයසින් වැඩිම ගොරිල්ලන් අතර සිටි එක් ගෝරිල්ලෙකු මිය ගොස් තිබේ. ‘විලා’ නමැති ගෝරිල්ලා මිය යන විට හැට වෙනි වියේ පසු විය. 1957 වසරේ දී කොංගෝවේ උපත ලද ‘විලා’ ඇයගේ පවුලේ සාමාජිකයන් අතර සිටියදී මියගිය බව සැන් දියේගෝ සෆාරි උද්‍යානය සිකුරාදා (ජනවාරි 26) නිවේදනය කළේය. ඇය පරම්පරා පහකට “මාතෘ මූලිකයා” වූ බව සෆාරි උද්‍යාන බලධාරීහු පවසති.

“මීට ආසන්න වයස්වල පසුවන ගෝරිල්ලන් ඉතා සුළු ප්‍රමාණයකුයි සිටින්නේ” යනුවෙන් කැලිෆෝනියාවේ පිහිටි සෆාරි උද්‍යානයේ ප්‍රධාන සත්ව පාලිකාවක වන පෙගි සෙක්ස්ටන් පැවසුවාය. සාමාන්‍යයෙන් ගෝරිල්ලෙකු අවුරුදු 35-40 අතර කාලයක් ජීවත් වේ.

“උද්‍යානයේ සාමාජිකයන්ට, නරඹන්නට, ස්වේච්ඡා සහ කාර්ය මණ්ඩලයේ සේවකයන්ට ඇයගේ අඩුව දැනේවි” යනුවෙන් සෆාරි උද්‍යානයේ ක්ෂීරපායී සත්ව අංශය භාර රැන්ඩි රිචස් කියා සිටි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.