FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් ඉල්ලා අස්වෙයි

andrew-mccabeඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දිගින් දිගට ම එල්ල වූ දේශපාලනික විවේචන හමුවේ, FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාර්තු 18 වනදා ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබිණි. මැක්කේබ්ගේ තීරණයට ධවල මන්දිරයේ කිසිදු බලපෑමක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි කොටසක් නොවූ බවත් ධවල මන්දිරය මාධ්‍ය ප්‍රකාශිකා සාරා හක්බී නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.පසුගිය මැයි මස, එවකට FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේගේ ඉවත් වීම සමග, මැකේබ් එහි වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පත්විය.පසුව ඔහු FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් වූ අතර, ක්‍රිස්ටෝපර් ව්‍රෙ FBI අධ්‍යක්ෂ තනතුරට පත්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.