වික්ටර් බිරිඳට තවදුරටත් මාංචු-සිදුවීම් යටපත් කළේ කවුද?

Victor Rathnayakeරන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා ඊයේ (17) නියෝග කළේය. මෙම වංචාව යටපත් කරගෙන එය ගොඩින් බේරා ගැනීමට සෑහෙන උත්සහයක් දර ඇති බව දැන් හෙළිදරව් වෙමින් පවතී. මේ යටපත් කිරීම් පිළිබඳව නීතියට බාධා කිරීම යටතේ නඩු හැකිය.

2012 සිට 2016 දක්වා කාලයේදී තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස්කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදහන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා පසුගිය 9වැනි දින තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ හෙළිදරව්වට මුල් වූයේ තංගල්ල කොට්ඨාශයට පැමිණෙන අලුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් කොට්ඨාශයේ පැමිණිලි විමර්ශන පරීක්ෂා කිරීමේදීය. සිවිල් බලයට යට නොවී නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්ට ප්‍රසංශා හිමි විය යුතුය.  ඇති තරම් සාක්ෂි තිබීම නිසා ඇයව ගෙන්වා ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීමටජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් සමත් විය.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් එවැනි වංචාවක් නොකළ බවය. එහෙත් පොලීසිය පවසන්නේ ඇය වංචාව සිදුකරන ආකාරය පිළිබඳව සීසීටීවී කැමරා තුළ සටහන් වී ඇති බවය. කෙසේ වෙතත් පොලීසිය වසර දෙකක් පරික්ෂණ මඟ හැරීමත්, කළමනාකරු වසර දෙකක් මේ සිද්ධිය සඟවා සිටීමත් යන කාරණා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අගතියට පත් අයට මුදල් ගෙවා වංචාව යටපත් කිරීමට ගත් සිදුවීම් පිළිබඳවද වාර්තාවේ. මේ සිද්ධියට අදාළ බැංකුවේ මුලස්ථානයෙන් විමසා සිටියදී එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පවසා සිටියේ සිද්ධියට අදාළ සියලු මුදල් මේ වනවිට ගෙවා ඇති බවය.

මේ සියල්ල තුළ සුවහසක් රසික සවන් මන්මත් කළ ගන්ධර්වයානන් ගේ භුමිකාව විමසුම් නෙතට හසුවෙනු ඇත. බැංකුවේ කළමනාකරුගේ ක්‍රියාකලාපයත් ගැටළු සහගතය.

රුපියල් 680000ක් වටිනා එම රත්තරන් බේරා ගැනීම සඳහා ඇය රිසිට් පත ඉදිරිපත් කොට බලා සිටියාය. එහෙත් බැංකුවෙන් ලද ප්‍රතිචාරය වූයේ එවැනි රත්තරන් තොගයක් එම ස්ථානයේ නොමැති බවය. මේ නිසා බැංකුවම කැළඹුණු අතර පසුව කාන්තාව සනසා හරවා යැවීමට බැංකුවේ අය උපක්‍රමශීලී වූයේ සිද්ධිය ගැන විමර්ශනය කිරීමේ අරමුණෙනි. ඇය නැවත හැරී ගිය අතර එතැනින් දින කිහිපයකට පසුව ඇය විදෙස් ගත විය. මේ අතරතුර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී තහවුරු වුණේ රුපියල් හයලක්ෂ අසූදහසක රත්තරන් තොගය පමණක් නොව තවත් රුපියල් හයලක්ෂයක රත්තරන් අතුරුදන් වී ඇති බවය. එපමණක් නොව රත්තරන් ආභරණ වෙනුවට ඉමිටේෂන් ආභරණ බැංකුවේ තැන්පත් කර ඇති බවටද කරුණු හෙළිදරව් විය. මේ නිසා බැංකුවම කැළඹුණු අතර සැකය එල්ලවුණු කෙනකු සිටියේ නැත.

මෙවැනි සිද්ධියකදී කළමනාකරු විසින් මෙය වහාම පොලීසියට සහ බැංකු මූලස්ථානයට දැන්විය යුතු වුවත් පුදුමය නම් ඔහු ද මේ සිද්ධිය පොලීසියට නොදන්වා සද්ද නොකර සිටීමයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය වී වසර දෙකක් ගෙවී ගියත් බැංකුවෙන් කළ දෙයක් නැත. අවසානයේ 2016 වසරේදී විදෙස් ගත කාන්තාව නැවත බැංකුවට ආවාය. ඒ මුදල් ගෙවා රත්රන් භාණ්ඩ රැගෙන යාමටය. එහෙත් ඒ වනවිටත් රත්තරන්වලට සිදුවූ දෙයක් තිබුණේ නැත. එවර ඇය පැමිණි පසුව බැංකුවට දෝෂාරෝපණය කරන්නේ බැංකුව ඇයට වංචාවක් සිදුකරන බව කියාය. මේ නිසා ඇගේ පැමිණිල්ල බැංකුව විසින් භාරගනු ලැබුවේ ඇගේ බලපෑම මතය.

මේ සිද්ධියෙන් පසුව මේ ගැන විමර්ශනය කිරීම එම බැංකුවේ විගණන අංශයට පැවරුණි. ඔවුන් පැමිණ විමර්ශනය කිරීමේදී හෙළිවූයේ රුපියල් දොළොස් ලක්ෂ අසූදහසක රත්තරන් භාණ්ඩ අතුරැදන් වී ඇති බවය. එසේම ඒ සඳහා ව්‍යාජ භාණ්ඩ ඇතුළු කර ඇති බවත් තහවුරු විය. පසුව මෙයට සැකකාරිය බවට හෂිනි පත්විය. ඒ ඇය යටතේ සේප්පු තිබීම නිසාය. අවසානයේ ඇය රැකියාවෙන් ඉවත් වුණාය. කෙසේ වෙතත් ඇය ඉවත් වීමෙන් පසුව අතුරුදන් වූ රත්තරන්වල වටිනාකමින් ලක්ෂ හයක මුදලක් ගිණුමට තැන්පත් කර ඇත. මේ නිසා බැංකුව නැවතත් මුණිවත රැක තිබේ. එහෙත් විදෙස්ගත කාන්තාව නැවත පැමිණ රත්තරන් භාණ්ඩ ඉල්ලූ අවස්ථාවේ එය ලබාදීමට නොහැකි නිසා ඇය පොලීසියට යාමට තීරණය කර ඇත. මේ සමඟ බැංකුවේ කළමනාකරුද පැමිණිල්ලක් දමන්නේ සිදුවූ වංචාව ගැන දන්වමිනි.

2016 වසරේදී මේ පැමිණිල්ල ලැබීමත් සමඟ තංගල්ල පොලීසිය ඇය කැඳවා ප්‍රකාශ දෙකක් සටහන් කරගෙන ඇත. එහෙත් ඇයව අත්අඩංගුවට ගෙන නැත. විශේෂය නම් සීසීටීවී කැමරා තුළ ඇය රත්තරන් භාණ්ඩ සොරා ගන්නා සාක්ෂි සටහන් වී තිබුණත් ඇයව අත් අඩංගුවට නොගැනීමය. කෙසේ වෙතත් මෙම පරීක්ෂණය යටගිය අතර එතැන් පටන් 2017 වසරේ අවසානය තෙක් එයට සිදුවූ දෙයක් නැත.

මේ යටපත් කිරීම් සිදුවූයේ කාගේ බලපෑම් මතද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.