අද පෙබරවාරි 4 නිදහස් දවස – ආර්යාවගේ දිනපොත

Aaryawage Dinapotha

අද පෙබරවාරි 4, නිදහස් දවස ධර්මසේන පතිරාජ ගේ සොල්දාදු උන්නැහේ මතක් වෙනවා. නිදහස් දවසේ ගුවන්යානා ආචාර පෙළපාලිය දකින්න සොල්දාදුවාට තමන් ලෝක යුද්ධ කාලේ කරපු සටන් මතක් වෙනවා.

ඔහු ජීවත් වෙන්නේ අතීතයේ ඒත් ප්‍රශ්නය කරන්නේ වර්තමානය. මට ප්‍රශ්න නැහැ. අතීතයෙන් හෙව්වේ ම පිළිතුරු. වර්තමානයේ හොයන්නෙත් පිළිතුරු ඒ නිසා ප්‍රශ්න නැති ජීවිතයක් මට උරුම වෙලා තියෙනවා.

සේසත් නිදහස් උත්සවයට යන්න ලෑස්ති වෙනවා. තමන්ගේ පළවෙනි බිරිඳත් දෙවෙනි බිරිඳ එකම නිදහස් උත්සවයට එක්කං යන්න අසාද් සාලිට පුළුවන් වුණත් සේසත් ට අඩුම ගානේ මාව ලොක්කගෙ පාටියකට එක්කරගෙන යන්න පුළුවන්කමක් ඇත්තෙ නැහැ.

ඒක අපේ සැලස්ම කොටසක්ද එහෙම නැත්තං සේසත්සෙ කශේරුකාවේ ප්‍රශ්නයක් ද කියන එක ඉතාමත් පැහැදිලි නෑ.

ඒත් රාත්‍රියේ අඳුර තුළ සැඟ වුණාට පස්සේ සේසත් ට තමන්ගේ මුළු ලෝකයම මං ඉස්සරහ දිග හරින්න පුළුවන්.

හැමෝම කියන්නේ සේසත් ආඩම්බරකාරයෙක් කියලා. හැබැයි ඒකෙත් වාසි තියනවා. පහුගිය දවස් වල හෙළිදරව් වුණා හඬ පටය අතරේ සේසත් සිය වාරයක් විතර ඉන්න තිබුණා.

ඒත් එය හඬ පට youtube දාන්න කවුරුත් බයයි. මොකද සේසත් පස්සේ මම ඉන්නවා.

මම කවුද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඒත් මට ප්‍රශ්න අදාල නෑ. මම මේ දින පොත ලියන්නේ ඇයි කියලා ඕගොල්ලො හිතනව ඇති.

මේ දිනපොත කවදහරි නැති වෙනවා. හදිසියේම අස්ථාන ගත වෙනවා. එදාට ශ්‍රී ලංකාවේ දකුණු කෙලවරේ තියෙන්නේ දෙවුන්දර තුඩුව. උතුරේ පේදුරුතුඩුව ක්ෂීර සාගරය කැළඹෙයි.

මට දින දදා හැමදාම මේ පොත ලියන්න බැහැ.

ලියන්න ඕන වුණා මම මේ පොතේ ලියනවා. ඕන නැති උනාම ඒක එදාට බලාගමු. එතකන් ලියනවා. අද ට නම විතරක් කියන්නම්. මම ගයානි රම්‍යානි ස්වර්ණලතා.

ඉතිරිය හෙට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.