අද පෙබරවාරි 5 – ආර්යාවගේ දිනපොත

සේසත් ඊයේ නිදහස් දින උත්සවයට ගිහින් දෙවැනි පේළියේ දකුණු කෙලවරේ වාඩි වෙලා හිටියා. මේ මොහොතේ සේසත් ගේ හිතේ වැඩ කරපු දේ මම දන්නවා. මම කවදද ඉස්සරහ පේලියේ හරි මැදට යන්නේ.

ඒ සිහිනය සේසත් ගේ හිතේ තියෙන තාක් කල් නැවේ මාලිමාව තියෙන්නෙ ගයානි රම්‍යානි ස්වර්ණලතාගේ අතේ. මටත් හීන පේනවා. සේසත් ඒ අතේ එල්ලීගෙන රතු පලස මැදින් ආඩම්බර ලීලාවෙන්

විල් දිය තලාව මත පාවෙන හංස ධේනුවක් වගේ පීඨිකාව මතට ගොඩවදින්න මට හීනයක් තියෙනවා. මම දන්නවා ඒක හීනයක් කියලා. ඒත් සේසත් ඒක දන්නේ නෑ. මට කාල්පනික ලෝකය සහ සැබෑ ලෝකය අතර වෙනස තේරෙනවා. කෝටිපති තාත්තා කෙනෙකු ගේ පුතෙක් වෙච්ච සේසත්ට සැබෑව සහ කල්පනාව අතර වෙනස තේරෙන්නේ නෑ.

සේසත් වටේ සිටින හැමෝම හිතන්නේ තමන්ගෙ බොස් මේ පාර පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පරාද වෙනවා කියලා. එක් සේසත්ට ගානක්වත් නැහැ. එයා දන්නව එයාගේ තාත්තගේ සල්ලි වැඩ කරන විදිය. මම දන්නවා එකෙන් වැඩ කරවන විදිය. සේසත් ගේ දසල්ලි පෙට්‍රල් නම් මමයි රියදුරු.

කපිලයි නයෝමි ආගිය අතක් නැහැ. ඒ දෙන්න සල්ලි වැඩ කරන විදිහ හොඳට දන්න දෙන්නෙක්. සමීකරණය හරිම සරලයි. එයා බස් සෙල්ලමෙන් ඩොලර් මිලියන දෙයක් ගත්තහම ඒක ඕන කරන තැන් වලට බෙදෙනවා. ඒ බෙදාගත්ත අය තමන්ව රැකබලාගන්නා කියලා මේ දෙන්න දන්නවා. සුජාතා විස්තරේ දන්වා ඇති. කතා කරලා බලන්න ඕන. ගෑනිත් ලේසියෙන් සැලෙන ගැහැනියක් නෙවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.