ආර්ථික විශේෂඥයින් දන්න ඉටි ගෙඩිය – ආර්යාවගේ දිනපොත

ලංකාව ලොකු ආර්ථික අර්බුදයකලු හැබැයි ප්‍රවේශමෙන් වැඩ කරොත් ගොඩ එන්නත් පුළුවන්ලු. ආර්ථික විශේෂඥ දන්න ඉටි ගෙඩිය. අපේ ලොන්ඩරිය නැත්නම් මේ ගොල්ලන්ට මේ කපේ ගොඩ ඉන්න ලැබෙන්නේ නැහැ. කතා කරල ඇහුවා නම් ආර්ථික ගෙනියන හැත්ත බුරුත්තම කවුද කියලා කියලා දෙන්න පුළුවන්.

ලංකාව ඉදිරි කාලෙදි සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ එන්න පුළුවන් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. එහෙම ගොඩ ආවෙ නැත්තං ආර්ථික නැව ගිලෙනවලු. ගෙවුම් ශේෂ පරතරය සියයට හයක්. ඒ කියන්නෙ ආදායම වියදමට වඩා ආදායම සියයට හයකින් අඩුයි. කොහෙන් හිනා වෙන්න දිගට මට තේරෙන්නෑ.

මේකෙම ගිලෙන නැවත් නෙවෙයි. මොකද අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ තේ පොල් රබර් ප්‍රධාන ආර්ථික බෝග කියලා. පස්සේ ඇඟළුම් සහ මැදපෙරදිග වන අපේ ගැහැනු ටික.

මෙය ඔක්කොම බොරු. මේ රට දුවන්නෙ කළු සල්ලිවලින්. සල්ලි වල කළුවක් සුදුවක් මටනම් තේරෙන්නෑ. ඒත් ඉතින් සමහරු එහෙම කියනවා නේ.

මේ පාර දුවන වාහන, යෝධ මන්දිර. සේසත් ලාගෙ මැතිවරණ ව්‍යාපාර, කැසිනෝ මේවා ඔක්කොම දුවන්නෙ අපේ රටේ ගෑණු මැදපෙරදිග ගිහිල්ලා වලං හෝදලා එවන සොච්චමෙන් ද? ඇත්තටම අමරදේවගේ අර සින්දුවක කියන විදියට’ රට රකිනා සේනාව කියන්ඩ ඕනේ අපිටයි. අපි ඔය කළු ගෙන සල්ලි මෙහෙ ගෙනල්ලා අපුල්ලන්නේ කොයි තරම් අමාරුවෙන්ද?

වැඩේ ගැස්සුනොත් ඊට පස්සේ කවුරුවත් නෑ. ආරංචි විදිහට කපිල වත් නයෝමී වත් බලන්න කවුරුත් ගිහිල්ලා නෑ. එයා බස් නෙවෙයි දැන් මෙයා ගස් . හැබැයි ඉතිං ඕව වලින් ගැලවෙන්න පුළුවන්.

හැබැයි දැන්නම් ටික ටික වැඩේ එළිවෙනකොට කට්ටිය මොනව කරයිද දන්නෑ. බේබිගෙ අර ගවර් බිල්ඩිමේ ස්ටෝරියක් දැන් ආයෙ ඇවිස්සිලා. මේ කළු සුදු සෙල්ලම හරි ලස්සන එකක්

ඡන්දෙ ලංවෙනකොට අපිට තියෙන්නෙ පුදුම ජොලියක්. ගමේ ජුංඬලා සහ බණ්ඩලා එහෙ ඇනකොටා ගන්න කොට අපි මෙහෙ හෝගාලා ලොන්ඩරිය වැඩ පටන් ගන්නවා. ඔය කලුයි කියන සල්ලි සුදු කරන්න.

සෙස්ස පස්සේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.