ඡන්දෙ දැන් අත ළඟයි – සල්ලි ගහ හෙලවෙන වෙලාවයි

Money Laundering

අපේ සේසත් ඇමතිතුමා නොමැති වෙලා දැන් මාස ගානක් ඒත් තාමත්ඒ කට්ටිය එයාට යන්නේ ඇමතිතුමා කියලා. මේ වහල්ලු ටික ඉන්නතාක් කල් අපිට බයවෙන්න දෙයක් නෑ. හෙට අනිද්දා සල්ලිත් අරගෙන පෝලිමේ ඒවි.

මැතිවරණයක්ම කියන්නේ කළු සල්ලි දෝරෙ ගලාගෙන යන කාලයක් අපිට හිතුමතේ ඔරු පදින්න පුළුවන්. මේ ළඟදි අපේ වික්ටර් අයිවන් සහෝදරයා අපූරු හෙළිදරව්වක් කරලා තිබුණා.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා තුන්වෙනි පාරටත් ජනාධිපති තරඟයට එන්න මාන බැලුවා. වැඩේ හරි ගියේ නැති තැන ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය දුන්නා.

රන්ජන් විජේරත්නට එන්න කිව්වා. ලොකු අල්මාරි තිබුන සල්ලි මිටි තොගයක් ප්‍රේමදාස මහත්තයාට ගිහින් බාර දෙන්න කිව්වා. ඒ වගේම ප්‍රේමදාස මහත්තයා මැරෙනකොට ලොකු සල්ලි මිටි ගොඩක් සේප්පුව ඇතුලේ තිබුණාලු.

ළඟදි අපේ දුලාංජලී නෝනගේ සේවකයෙක් සළුව ගැන මාරු කරන්න ගිහින් අහුවුණා. යථා මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩේ ගොඩදැම්මා. හැබැයි පස්සේ ඒක ගැන ප්‍රචාරයක් දුන්නා.

අයිවන් කියන විදියට මේ ඔක්කොම කලු සල්ලි. දවසක් දා චන්ද්‍රිකා නෝනාගේ සල්ලි සැණකෙළිය බලන්න අයිවන්ටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. එදා රුපියල් මිලියන ට වඩා ආධාර ලබා දෙන දවස.

වැඩේ ඉවර වෙනකන් කාමරේකට වෙලා ඉන්න කියලා අයිවන්ට කිව්වා. සල්ලි පෝලිම මෙහෙයවීමේ වැඩේ බාර ගත්තේ අනුරුද්ධ රත්වත්ත.

එක දානපතියකු ලැබුණේ විනාඩි දෙකයි. සල්ලි පාර්සලය බාරදීලා යන්න ඕනෑ. පාර්සල් හතළිහක් විතර එකතු වෙලා තිබුණා. රිසිට්පත්, ලැයිස්තු ඒ මොනවත් නෑ.

මේ සල්ලි දුන්න අයට මොනවද දෙන්න කියා වික්ටර් චන්ද්‍රිකාගෙන් අහලා තියෙනවා. චන්ද්‍රිකාව ප්‍රශ්නයකින් ආපහු දමල ගහල ‘සල්ලි නැතුව ඡන්දෙ කරන්නේ කොහොමද? කොහොම කරත් මොකද ? කියල තමයි කියන්න වෙන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.