
නාමයෝජනා භාර ගත්තා විතරයි මැකෝ ඡන්දය කල් දැම්මා. ඡන්ද ව්‍යාපාරයට කියලා කීයක් හරි එකතු ගන්න තියෙන්නෙ චාන්ස් එකත් නැති වුණා.
මේ කොරෝනා වසංගතය නිසා එදාට එදාට හම්බකරගන්න ත්‍රීවිල් කරුවන්, පොඩි වෙළෙන්දන්, කුලි වැඩ කරන අය වගේ කට්ටිය ජීවිතය ගැට ගහන්නෙ කොහොමද කියලා බොහෝ දෙනා කතා කරනවා.
මන්ත්‍රීවරු ගැන ඇයි එහෙම කතා කරන්න නැත්තේ?
බලන්න පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවපු නිසා 69 කට විතර පෙන්ෂන් නැතිවුණා.
මාදිවල අර දීලා තියෙන කුකුල් කූඩු වගේ ගෙවල්වල ඉන්න පුළුවන්. දන්න විදිහට රංජන් විතරයි එතන ඉන්නේ. අපේ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීතුමා කියන විදියට මඟුල් ගෙදරකට ගියත් තෑග්ගක් දෙන්න විදියක් නෑ. මෙදාපාර එයාටත් නොමිනේෂන් නෑ. ඒ වගේ කී දෙනෙකුට මේ පාර නොමිනේෂන් නැති වෙලා ද?
ශ්‍රී ලංකා එකේ ලොකු මහත්තයා, දයාසිරි, වීරකුමාර, ලසන්ත වගේ කිහිප දෙනෙක් යාන්තම් පොහොට්ටුවෙ බෝට්ටුවට නැගගත්තා. අනෙක් අයට හුලං.
අලිය කොච්චර බාල්දු වෙලාද කියලා කිව්වොත් අලියා පිටේ නගින්න කෙනෙක්වත් හොයාගන්න අමාරුයි.
එහෙම බලපුවාම මන්ත්‍රීකම ගැන කොච්චර අමාරු රස්සාවක්ද. එහෙව් එකේ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව
වාහන පර්මිට් විකුණගන්න එක අහන්නත් දෙයක්ද?
මෙදාපාර අනුරාධපුරයට පැනලා ඉන් අපේ හොඳ කකුලක් ගැන හොඳ කතාවක් තියෙනවා.
ඔයා එක පාරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වුණා.
පත් කළේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මෙයා හතර ගාතයෙන් බිම වැටිල මැඩම්ට වැන්දා.
එහෙම කලේ මොකද කියලා අහපුවාම අපූරු උත්තරයක් දුන්නා.
මම චන්දය ඉල්ලුවානම් හතර දිග්භාගයේ ඉන්නෙ උන්ට වැඳ වැඳ යන්න වෙනව. දැන් එහෙම නෑ එක පාරක් වැන්දා කෙලින්ම පාර්ලිමේන්තුවට.
පාර්ලිමේන්තුව වහල තියන නිදා දවසකට ලක්ෂ දෙකක් ඉතුරු වෙනවලු.
ආපදා දීමනාවක් හැටියට මන්ත්‍රීවරුන්ටත් කීයක් හරි ඉගෙන දුන්නොත් නරකද?
මෙහෙම බලපුහාම මන්ත්‍රීකම කියන්නේ මොන තරම්අ තුරු ආන්තරා තියන රස්සාවක් ද?