
වැස්ස විෂ වගෙයි
වැස්ස වැව වගෙයි
වැස්ස ගඟ වගෙයි
දුක්බර අහස මං වගෙයි
මන්දාරම් කඳු මුදුනේ
වැහි ලිහිණියො එක්වෙලා
දියකාවෝ පේලි සැදී
රැස්වීමට රැස්වෙලා
සුළඟ හරි දඟයි
විදුලිය අකුණු හරි සැරයි
පුරන් කුඹුර දෝරෙ ගිහින්
ගේ පැත්තට ගලනවා
මල්ලියෙ හනිකට බලපං
ගේ ඔක්කොම තෙමෙනවා
සුළඟ හරි දඟයි
විදුලිය අකුණු හරි සැරයි
මගෙ අම්මෙ උඹ කොහෙදෝ
හිතට හරි බයයි…
ආචාර්ය ධර්මසේන පතිරාජ මධුවිතක් තොලගාමින් නුගේගොඩ ජුබිලි කණුව අවන්හලක සැඳෑ යාමයේ දී රචනා කළ කාව්‍ය සංකල්පනාව
බුද්ධදාස ගලප්පත්ති