සඳ ගිරි පව්ව උසයි

සඳ ගිරි පව්ව උසයි

කිඳුරා හරිම වසයි

මම ගෙදර එන්න ආවා අම්මේ..

දොර අරින්න නුඹ විතරයි ඉන්නේ….

මෙම ගීතයට මූලික වශයෙන් ම තේමාව සපයන්නේ විවහා වෙලා විවහා ජීවිතයක් ගතකිරීමට බැරුව නොගැලපෙන නිසා විවහා ජීවිතය ගත කිරීමට අසමත් වීම ගැන සිද්ධියකි. විවහා ජීවිතය තුළ සමහර විට බිරිඳ හො ස්වාමියා හොඳ නැති වෙන අවස්ථා තියෙනවා. මේ ගීතයෙන් පෙන්වන්න උත්සහ කරන්නේ දෙදෙනා අතර නොගැලපීම…. මෙම ගීතයෙන් ගීත රචකයා පවසන්නේ විවහා ජීවිතයේ දෙදරා යාමක් පිළිඹද

චන්ද කින්නර ජාතකය උපමා කොට ගනිමින් ගීයට ප්‍රවේශ වන රචකයා මතු කරන්න උත්සහ කරන්නේ ඒ ජාතක කථාවේ සඳහන් වන පරිදි ස්වාමියෙක් බිරිඳ ට නොලැබී ඇති බවයි… ජාතක කථාවේ කියවෙන සුන්දර ජීවිතය ගොඩක් උස බවයි .

දෙමව් පියන්නට ඇහුම් කන් නොදී හිතුවක්කාර ලෙස විවහා උනාට . ඇත්ත තේරුම් යනකොට ප්‍රමාද වැඩී….

රත්තරන් කියා කඩු තුඩ

මං ඇන ගත්තේ පපුවට

නුඹ එපා කියද්දී ම යි අම්මේ

ඒ කුල ගෙය දැන් ගිනිගෙය වැන්නේ…..

අවබෝධ කම නොමැති විවහයක්.. රත්තතරන් වන් ඔපයට රැවටී ජිවිතය ගැන ඇති වූ පසුතැවීම මේ වචන වල අපූරුවට ගැබ් වෙලා තියෙනවා……

සල් පිලෙන් අරන් නටවන

කිඳුරියන් රඟන සඳගිර

මට අරුමෝසම් හුරු නෑ අම්මේ

නිය පහුරු වැදුනු පිට බලපන්නේ….

ගුණ ධර්ම පිරිහුණු සමාජයක…. අරුමෝසම් ගහන ලෝකයක…. හොඳ නරක කණපිට පෙරලා ගත් පුද්ගලයන් අතර අතරමං වූ ජීවිත වල යථාර්ථය…….

මහාචාර්ය, පූජ්‍ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.