සෙනෙහස් දිය බිඳක් නැතිව

lady

සෙනෙහස් දිය බිඳක් නැතිව

සෙනෙහස් දිය බිඳක් නැතිව
මියැදෙන්නට ගිය දිවියට..
අකලට වට පොද වැස්සක්
වගේම දැණුනා….
ඔබවත් දන්නැති උනාට
ඔබ මා වෙත පෑ සෙනෙහස
සසර පුරා හුරු බව දැණුනා….

ඔබ පපුවට තුරුළු කරන්
ඉන්න වරම් නොමැති වුනත්
ඔබේ සුසුම් මගේම යැයි
නිකමට සිතුණා ….
මගෙ හිත ළග වැට අද්දර
ඔබේ සුවද ඊයෙත් දැනුණා …

ඔබේ නෙතග ඇදී තිබුණ
කියන්න බැරි වේදනාව
මගේ දුකක් වගේම යැයි
විටකදී සිතුණා..
මේ අසරණ සිහින පෙමත්
අහිමි වෙතැයි යළි මට සිතුණා …

Artist:Dr.Victor Rathnayake
Lyrics:Sampath Banadara
Music:Darshana Wickramatunga

….
ගීතයක නාදමාධුර්ය සවනට ඇසෙන මොහොතේසිට ගීතයේ විචිත්‍රත්වය රසිකයාගෙ මනෝභාවයන් උද්‍යෝගිමත් කරනවා…
පදරචනයක් ගීතයක් බවට පත්කිරීමටනම් නිර්මාණකරණයේ ප්‍රතිභාව ඇති සංගීතඤ⁣යකු සිටයයුතුය..
වික්ටර් රත්නායකයන්ගෙ හඩ මුසුව අතී ඉස්තරම්.
වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.