කොරෝනාව නිසා කෝටි 50ක දුප්පතුන්

people

කොරෝනාවෛරසයෙන් ඇති වන අහිතකර ආර්ථික ප්‍රතිඵල හේතුවෙන් ගෝලීය දරිද්‍රතාව බිලියන භාගයක් දක්වා ඉහළ යා හැකි බවට ඔක්ස්ෆෑම් ආයතනය අනතුරු අඟවා තිබේ.

‘ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි’ සහ ලන්ඩනයේ ‘කිංග්ස් කොලේජ්’ යන විශ්වවිද්‍යාල විසින් සිදු කරන ලද පර්යේෂණ මත පදනම්ව ඔක්ස්ෆෑම් ශුභසාධන ආයතනය පවසන්නේ වසර 30 ක් තුළ දරිද්‍රතාවය, ගෝලීය මට්ටමින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වනු ඇති බවය.

“සෞඛ්‍ය අර්බුදයටත් වඩා, ආර්ථික අර්බුදය දරුණු වීමට ඇති හැකියාව ඉතාමත් වැඩියි” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ. ගෝලීය වශයෙන් දරිද්‍රතාව ලක්ෂ 4,000-6,000 ත් අතර සංඛ්‍යාවකින් කින් ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබේ.

ඉහත කී දත්ත ප්‍රකාශයට පත් වූයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ G20 මුදල් ඇමතිවරුන්ගේ ප්‍රධාන රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබියදීය.

ලෝක ජනගහනයෙන් අඩක් දුප්පත් වෙනු ඇත

කොරෝනාවෛරසයෙන් ඇති විය හැකි බලපෑම 2030 වන විට දරිද්‍රතාවය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට සැබෑ අභියෝගයක් වනු ඇති බව වාර්තාවේ දක්වා ඇත.

වසංගතය අවසන් වන විට බිලියන 7.8 (කෝටි 780) ක ලෝක ජනගහනයෙන් අඩකට වැඩි සංඛාවක් දරිද්‍රතාවයෙන් පීඩා විඳීමට ඉඩ තිබේ.

එළෙස අලුතින් දුගීභාවයට පත් වන පුද්ගලයන්ගෙන් 40% ක් පමණ නැගෙනහිර ආසියාව සහ ශාන්තිකර කලාපය වටා ගොනු විය හැකි අතර, තුනෙන් එකක පමණ කොටසක් උප-සහරාන් අප්‍රිකා සහ දකුණු ආසියානු කලාපයට අයත් වනු ඇත.

සුරක්ෂිත දැලක් නැහැ

“ඉතාමත් සුළු මුදලකින් යැපුණු දුගී රටවල කෝටි සංඛාත කම්කරුවන්ට, වැටුප් සහිත ලෙඩ නිවාඩු හෝ ආණ්ඩුවේ ආධාර වැනි ආරක්ෂිත දැලක් නැහැ” යනුවෙන් ‘ඔක්ස්ෆෑම් GB’හි ප්‍රධාන විධායක නිලධාරී ඩැනී ශ්‍රීස්කන්දරාජා පැවසීය.

“වඩාත් අවදානමට ලක් විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ඒකාබද්ධ ආර්ථික සහන පැකේජයක් සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සඳහා, ලෝක බැංකුව සහ G20 රැස්වීම් මගින් ලෝක නායකයන්ට වැදගත් අවස්ථාවක් උදා කර දෙනවා,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.