කොරෝනා ආසාදනය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් -ජෝඩන් සේතර්

Jordan Sather

කොරෝනා වෛරසය පිළිබඳව විද්‍යාඥයන් කලෙක සිට දැන සිටි බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන කතාවකි. යූටියුබ් තරුවක් සහ කුමන්ත්‍රණ (Conspiracy) ගැන නිතර අදහස් පළකරන්නෙකු වන ජෝඩන් සේතර් (Jordan Sathe)r පළමුවෙන්ම එවැනි චෝදනාවක් එල්ල කළ එක් පුද්ගලයෙකි.

ට්විටර් පණිවුඩ දාමයක් නිකුත් කළ ඔහු, එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පර්බ්‍රයිට් ආයතනය (Pirbright Institute) විසින් ශ්වසන රෝගවලට ප්‍රතිකාර වශයෙන් කොරෝනා වෛරසයේ දුර්වල ප්‍රභේදයක් නිපදවීම සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීම පිණිස 2015 දී ඉදිරිපත් කළ අයදුම්පතක් ද ගෙන හැර දක්වා තිබුණි.

වත්මන් කොරෝනා වෛරසයේ මතුවීම, එන්නතක් නිපදවීම වෙනුවෙන් අනුග්‍රහය ලබා ගැනීම සඳහා සිතා මතාම සිදු කරන ලද්දක්ය යන්න බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill & Melinda Gates Foundation) පර්බ්‍රයිට් ආයතනයට අනුග්‍රහය දක්වන සංවිධානයක් වීම මගින් තහවුරු කෙරෙන බව ඔහුගේ තර්කය විය.

එහෙත් පර්බ්‍රයිට් ආයතනය පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබෙන්නේ වත්මන් කොරෝනා වෛරසය සඳහා නොවේ; එය කුකුලන්ට වැළඳෙන, කක්කල් කැස්ස බෝකරන කොරෝනා වෛරස වර්ගයක් සඳහා ලබාගත්තකි.

කක්කල් කැස්ස බෝකරන වෛරස් වර්ගය සම්බන්ධ පර්යේෂණය සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අනුග්‍රහය නොදැක්වූ බව පර්බ්‍රයිට් ආයතනයේ ප්‍රකාශිකා තෙරේසා මෝගන් (Teresa Maughan) බස්ෆීඩ් අඩවියට පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.