ජීවයේ සම්භවය හෙළිදරව් කරන වික්‍රමසිංහ – හොයිල් සුප් න්‍යාය

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ යනු ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයෙකු, සෞරග්‍රහ පරීක්ෂකයකු, පරිණාම විද්‍යාඥයකු, ක්ෂුද්‍ර රෝගකාරක විද්‍යාඥයකු, අන්තර්ජාතික විද්‍යා ලේඛකයකු ලෙස ලොවක් දිනූ ශ්‍රී ලාංකිය මහාචාර්ය වරයෙකි.ශ්‍රීමත් ප්‍රෙඩ් හොයිල් සමග ඔහු විසින් ඉදිරිපත් කළ ජීවයේ උපත පිළිබඳ මතය වර්තමානයේ වැඩිම පිරිසක් පිළිගන්නා විද්‍යානුකූල සාක්ෂි සහිත මතය බවට පත්ව ඇති අතර, එය බුදු දහම විද්‍යාවෙන් තහවුරු කරනා මතයක් බවටද පත්ව තිබේ.

ජීවයේ ඇතිවීම පිළිබඳ ප්‍රධාන විද්‍යාත්මක මතයක් වන්නේ පෘථිවි කබල අභ්‍යන්තරයේ කුහරයකින් හටගත් උණුසුම් ජලයෙන් සහ සාගරය විසුරුවා හරින ලද රසයනික ව්‍යුහයන් සහිත ද්‍රාවණයකින් (primordial soup) ජීවයේ ආරම්භය ඇරඹුනු බවයි.

මෙම රසායනික සුප් ද්‍රාවණයේ (primordial soup) ඇති රසායනික ද්‍රව්‍ය අහඹු සංයෝජනයන්ට ලක්වී මෙන් එහි උච්චතම අවස්ථාව ලෙස ජීවයේ පළමු ජීව සෛල වල ස්වයං ආරම්භය සිදුව ඇත. මෙම පැහැදිලි කිරීම ප්‍රායෝගිකව සිදුවීමේ සම්භාවීතාව පිළිබඳ යම් ගැටලුකාරී තත්වයන් ඇති අතරම, බොහෝ දුරට එවැනි සංසිද්ධියක් සිදුවීමේ හැකියාවක් නොමැත. සාම්ප්‍රදායික කල්පිත යෝජනා කරන්නේ, DNA හා එන්සයිමවල සංකීර්ණත්වය ඉතා කෙටි කාලසීමාවක් තුළ රසායනික ද්‍රව්‍යන්ගේ අහඹු හුවමාරුවකින් සිදුවූ බවයි. එම කල්පිතයන් මගින් අජීවී අණු වලින් ජීවී ව්‍යුහයන් ගේ ස්වයං-එකලස් වීම පිළිබඳ සහජ ප්‍රවණතාවක් පිළිබඳ මතයක් ඇඟවුනද, විද්‍යාගාර පරීක්ෂණ බොහොමයක් සිදු කළද එවන් ප්‍රවණතාවයක් ඇති බවට කිසිදු සාක්ෂියක් මේ වනතුරු හමුව නොමැත.

විශ්වයේ ආරම්භය

එමෙන්ම එතරම් ජනප්‍රිය නොවු ‘Panspermia’ කල්පිතයට අනුව ජිවයේ ආරම්භය විශ්වයේ ඈත තැනක සිදුව ඇත. මෙම න්‍යායේ විශේෂිත සංස්කරණය ලෙස, ශ්‍රී ලංකාවේ උපත ලද තාරකා විද්යාඥයෙකු හා ගණිතඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්රමසිංහ සමඟ බ්‍රිතාන්‍ය තාරකා විද්යාඥයෙකු වන ශ්‍රීමත් ෆ්රෙඩ් හොයිල් විසින් 1980 දී ඉදිරිපත් කරන ලද “Cometary panspermia” සිද්ධාන්තය හඳුන්වා දිය හැක. මෑත කාලීනව මෙම සිද්ධාන්තයට සනාථ වන සාක්ෂි වැඩි වශයෙන් හමුව ඇති මුත්, විද්‍යාව මෙන්ම ප්‍රමුඛ පෙලේ මාධ්‍යන් පවා මෙම සොයා ගැනීම් පිළිබඳ එතරම් උනන්දුවක් නොදක්වන බවක් දැක ගත හැක.

මෑත කාලීන භූගෝලීය සාධක පෙන්නුම් කරන්නේ පෘථිවිය මත ඇති වී තිබෙන බැක්ටීරියා ජීවින් වසර බිලියන 4.1 කට පෙර, පෘථිවිය උල්කාපාත පතිතවීම් වලට ලක්වූ කාල වකවනුවේ පවා පැවති බවයි. 1986 කාල වකවානුවේ හැලීගේ ධූමකේතුව පිලිබඳ කරන ලද විද්‍යාත්මක නිරීක්ෂණයකිරීම් වලදී පැහැදිලි වූ කරුණක් වූයේ, ධූම කේතු වල පවතින සංඝටකවලට අමතරව වෙනත් ජීවී ද්‍රව්‍ය, බැක්ටිරිය විශේෂයන් වයිරස් ප්‍රබේදයන් අන්තර් ගතව තිබූ බවයි. පසුගිය වසර තුන-හතරක කාලය තුල Rosessta අභ්‍යවකාශ යානය සිදු කළ නිරීක්ෂණ වලදී සොයා ගත් සාක්ෂී සලකා බැලීමේදී මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහාතා සහ ශ්‍රීමත් ෆ්රෙඩ් හෝල් විසින් ඉදිරිපත් කරන ලද “Living comet” සහ “Cometary panspermia” යන සිද්ධාන්තයන් මනාව තහවුරුවේ.

වල්ගා තරු

එසේම මෙම නව සාක්ෂි සුප් න්‍යායට (primordial soup) අනුරූපව සිදුවිය හැකි වඩාත්ම නිරවද්‍ය විග්‍රහයක් සනාථ කරයි. එනම් වල්ගා තරු ජීවීන් බිහි කරන කාබනික අණු රැගෙන යන අතර පෘතුවියට ජීවය ලබාදීමේ “ආශ්චර්ය” රැගෙන එන මාධ්‍ය ලෙස ක්‍රියා කරන බව තහවුරු වේ .

එසේම පසුගිය දශක පහ තුළදී අභ්‍යවකාශ ගවේෂණය සඳහා යෝග්‍ය වන සියලු අවශ්‍යතාවන් ඇති බැක්ටීරියා මෙන්ම වෛරස් සොයාගෙන තිබේ. බොහොමයක් පර්යේෂණවලින් පෙන්නුම් කර ඇත්තේ බැක්ටීරියා සතුව දැඩි සීතල, තාපය, තද විකිරණ තත්ව තුලදී පවා විනාශ නොවී අභ්‍යාවකාශය තුල ගමන් සංචාරය කළ හැකි හැකියාවක් ඇති බවයි.

එසේම නියත වශයෙන්ම වසර මිලියන ගණනක් ග්‍රහලෝකයකින් ග්‍රරහලෝකයක් වෙත ක්ෂීරපතය හරහා ගමන් කිරීමේ දී ඒවාට නොනැසී පැවතිය හැක. ක්ෂුද්‍ර ජීවීන් පමණක් නොව, ශාක හා “Tardigrades”ලෙස හැඳින්වෙන කුඩා කෘමීන් ට පවා අභ්‍යවකශ තත්වයන් යටතේ දී නොනැසී පැවතීමේ මෙම විශ්මය ජනක හැකියාව ඇත. ජීවය හා පරිණාමය පෘථිවියට සීමා වී තිබුනේ නම්, මෙවැනි සියළු ගුණාංගයන් පැවතීමේ හැකියාවක් නොමැත. ජීවයේ මූලාරම්භය සහ එහි පසු කාලීන පරිණාමය යන දෙක සඳහාම අභ්‍යවකාශ ජීව පදාර්ථයන්ගේ අත්‍යාවශ්‍ය සාධකයකක් බව මෙයින් මනාව තහවුරු වේ..

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහ ශ්‍රීමත් ෆ්රෙඩ් හොයිල් ගේ මෙම සිද්ධාන්තයන් සාම්ප්‍රදායික විද්‍යාවේ එන සමහරක් සිද්ධාන්තයන් දැඩිලෙස අභියෝගයට ලක් කරනු ලබයි. අපගේ ක්ෂීරපතයේ පමණක් වාසය සඳහා සුදුසු ග්‍රහලෝක විශාල ප්‍රමාණයක් පවතින බවට මෑතක දී අනාවරණය කර ගන්නා ලද අතර එම සොයා ගැනීමට අනුව විශ්වය පුරා ජීවයේ පැවැත්ම පිළිබඳ සිද්ධාන්තයන් තව දුරටත් තවුරු කරයි. ජීවය යනු “ආශ්චර්යාත්මක සංසිද්ධියක් බවත්, පෘථිවි පෘෂ්ඨය මත ජීවයේ හටගැනීම විශ්වයේ දුර ඈත ඉසව්වක් දක්වා දිව යන බවත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහ ශ්‍රීමත් ෆ්රෙඩ් හොයිල් සිය සිද්ධාන්තයෙන් ඔස්සේ දශක ගණනාවක් තර්ක කරති.

වසර 2001 දී ශ්‍රීමත් හොයිල් සහ මහාචාර්ය වික්‍රමසිංහ ඉන්දීය අභ්‍යවකාශ පර්යේක්ෂණ සංවිධානය ( Indian Space Research Organisation – ISRO) සමග එක්ව පෘථිවි අපවර්තී ගෝලය වෙත ධූම කේතු හරහා පැමිණෙන බැක්ටීරියා සෙවීමි කාර්ය අරම්භ කළ අතර දැනුදු විශාල සංඛ්‍යාවක් බැක්ටිරියාවන් අනාවරණය කර ගනිමින් පවතී. ඔවුන් මේ සඳහා පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 41ක් පමණ දුරකින් රැඳවූ බැලූන භාවිතා කරන ලද අතර එමගින් පෘථිවියට ආවේනික සුළං ඔස්සේ පැතිරෙන බැක්ටීරියාවන්ට කිලෝ මීටර 41ක් වැනි දුරක් සංක්‍රමණය වීමේ හැකියාවක් නැත.

මෙම පරීක්ෂණයන්ගේ ප්‍රථිපල ලෙස අපට හුරු පුරුදු වන බැක්ටීරියා වලට වඩා වෙනස් බැක්ටීරියා සාම්පල සොයා ගන්නා ලදී. එයින් වසර කිහිපයකට පසුව ෂෙෆීල්ඩ් විශ්ව විද්යාලයේ මහාචාර්ය මිල්ටන් වේන්රයිට් සමග ඉන්දීයාවේ සහ ෂෙෆීල්ඩ් වලදී සිදුකරන ලද පරීක්ෂණ කටයුතු වලදී ද එම ප්‍රතිඵලයම ලැබී ඇත. වසර 2014න් පසු රුසියානු විද්යාඥයින් පෘථිවියේ සිට කිලෝමීටර 400ක් ඉහල අභ්‍යවකාශයේ කක්ෂගතව ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානයේ මතුපිට පෘෂ්ඨ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී පෘථිවිය මතු පිට දැකිය නොහැකි ක්ෂුද්‍ර ජීවීන් සහ ජලයේ පාවෙන ව්‍යුහයන් සහිත පාරභෞමික සම්භවයන් හමුව ඇති අතර, ඒවා නිසැකවම ධූම කේතු ඔස්සේ පැමිණි බවට නිගමනය කළ හැක.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මා හා පැවසූ පරිදි “මේ නව සොයා ගැනීම, පසුගිය දශක දෙක තුල ඉදිරිපත් කළ පෘථිවිය මත ජීවය පැමිණියේ අභ්‍යවකාශයේ සිට යන අනිකුත් මත සමග ගැලපෙනවා. ඒ වගේම් මෙම ක්‍රියාවලිය තවමත් නොනැවතී සිදුවෙනව. සත්‍ය වශයෙන්ම අපි (සත්වයා) විශ්වයේ අද්විතීය නිර්මාණයක්. දීර්ග කාලයක් මුළුල්ලේ සිදුවු වෙනස්කම් වල එකතුවක්…”

බැක්ටීරියා නිරන්තරව අභ්‍යාවකාශයේ සිට පෘථිවියට පතිත වෙන්නේ නම්, එය මතු දිනක විශ්වයේ සම්භවය මෙන්ම ජීවයේ ඇතිවීම පිළිබඳ අපගේ දෘෂ්ටිය පරිණාමය කරවන අතිවිශාල විද්යාත්මක සොයාගැනීම් වලට මග පාදනු ඇත. මතු දිනක කාලය විසින් මේ සැමදෙයක්ම පවසනු ඇත.

– Dinesh Abeywickrama Ph.D.(Reading), MBCS, MBA, BCS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.