
දහසයවන දකුණු ආසියානු ආර්ථික විද්‍යාර්ථයන්ගේ හමුව මෙම මස 21 සිට 26 දක්වා නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු හි දී පැවැත්විණි. එහි දී දකුණු ආසියානු කලාපීය විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකාව සදහා පිදෙන “Mahbub Ul Haq & Amarty Sen” සම්මානයෙන් පිදුම් ලැබීමට කොළඹ විශ්වවිද්‍යාලයීය සිව්වන වසර විද්‍යාර්ථයකු වන කණිෂ්ක වේරවැල්ල සමත් වී තිබේ.
ලාංකීය විද්‍යාර්ථයකු මෙම සම්මානය දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර මෙම සමුළුවෙහි පැවති උප තේමා යටතේ ජයග්‍රහණය අත්පත් කරගැනීමට කාංචන ගීත් සමරවීර, ජනිත් කළුආරච්චි, පසන් විජේවර්ධන, නිලුපුලී රත්නායක හා කණිෂ්ක වේරවැල්ල යන අය සමත් වී තිබේ.