මුහුදෙන් වටවූ ශ්‍රී ලංකාව මාළු ආනයනය කරන්නේ ඇයි?

fish

ආනයනික මාළු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 125කින් ඉහළ නංවන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙතෙක් ඒ සඳහා අය කෙරුණේ මාළු කිලෝවකට රුපියල් 25ක මුදලක්.

නව බදු සංශෝධනය සමග ආනයනික මාළු කිලෝවක් සඳහා අය කෙරෙන බදු මුදල රුපියල් 150ක් වනු ඇති. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ය ශ්‍රී ලංකාවට ආනයනය කරන මාළු ප්‍රමාණය එන්න එන්නම වැඩි වන්නේ මන්ද යන්නයි.

මුහුදු මාලු

අප මේ වනවිට සාගරයෙන් උකහා ගන්නා ප්‍රධානතම සම්පත එහි මත්ස්‍ය හා අනෙකුත් ජල ජීවී සම්පතයි. 2016 වාර්තා පවසන්නේ එම අගය මෙට්‍රික් ටොන් 456990 ක් පමණ බවය. අභ්‍යන්තර මිරිදිය ධීවර නිෂ්පාදනය වන මෙට්‍රික් ටොන් 73920 හා සසඳන විට සාගර සම්පතේ වටිනාකම මනාව පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවට මීටවඩා මත්ස්‍ය සම්පතක් නෙලාගත හැකිය,

මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරීමට නම් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය

(1) ශ්‍රී ලංකාව අවට මුහුදේ මත්ස්‍ය අස්වනු ධාරිතාවය පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක් පවත්වා ඒ අනුව

ධීවර කර්මාන්තය මෙහෙයවීම.

(2) ශ්‍රී ලංකාවේ කරදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කළ යුතුය. දැනටමත් ජපානය, ඇමරිකාව වැනි රටවල කුඩා මසුන් පමණක් නොව කෙලවල්ලන්, බලයන් වැනි මසුන් පවා වගා කරන මහ සයුරේම අක්කර ගණන් කූඩු වල ස්ථාපිත මත්ස්‍ය වගා භූමි දක්නට ඇත. ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සමාගමක් විසින් මෝදා ( Sea bass ) වගාවක් ආරම්භ කර ඇතත් රජය මගින් කරදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීමට දක්වන උනන්දුව ප්‍රමාණවත් නැත

(3) මත්ස්‍ය අභයභූමි ප්‍රකාශයට පත් කළ යුතුය. අප ආහාරයට ගන්නා හාල්මැස්සාගේ සිට තෝරා මෝරා දක්වා සියලු සතුන් සාගරයට අහසින් කඩා වැටෙන්නේ නැත, ඔවුන් එක්කෝ අප සාගර කලාපයේම බෝ විය යුතුය. නැතහොත් වෙනත් සාගර කලාපයකින්, මිරිදිය හෝ කිවුල් දියෙන් පර්‍යටනය විය යුතුය. බොහෝ මත්ස්‍ය විශේෂ සතු විශේෂ ලක්ෂණයක් ලෙස උන් ප්‍රජනනය කිරීමට නැවත තමා උපන් ප්‍රදේශයම තෝරා ගැනීම දැක්විය හැකිය.බොහෝ දියුණු රටවල් තම සාගර කලාප වල වෙසෙන වාණිජ වටිනාකමක් ඇති මසුන්ගේ මේ චර්‍යාව අධ්‍යනය කර ඔවුන්ගේ අභිජනන භූමි අභිජනන සමයේදී අභයභූමි ලෙස නම් කර මසුන් ඇල්ලීම තබා ඒ හරහා ඒ කාලයේදී මත්ස්‍ය බෝට්ටු ගමන් කිරීම පවා තහනම් කරනු ලබයි.

(4) මත්ස්‍ය අස්වනු සදහා සීමා පැනවිය යුතුය.. එනම් ආහාර දාම වල සංඛ්‍යා පිරමීඩ සලකා එක් එක් ධීවර වරායවල ධීවරයන්ට එක් එක් මත්ස්‍ය විශේෂ ඇල්ලිය හැකි සීමා පැනවීම සිදු කර හැක.

සාමාන්‍ය කෙලවල්ලෙක් අඩි 6-7ක් දක්වා වුවත් වැඩීමට හැක. නමුත් වියත් දෙකක් පමණ දිග කෙලවල්ලන් ඔබ වෙලදපොලේ දැක ඇතුවාට සැක නැත. ටූනා විශේෂ සදහා මෙම අවම දිග සීමා සදහා සමහර නීති ලංකාවේත් පැවතුන ද ඒවා කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

(5) ප්‍රජනන සමයන්හි එම විශේෂ හෝ එම විශේෂයේම ගැහැනු සතුන් ඇල්ලීම වැළැක්විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.