
ප්‍රවීණ නර්තනාචාරිනී ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට සහ අභාවප්‍රාප්ත වූ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියට ඉන්දියාවේ පද්ම ශී‍්‍ර සම්මානය පිරිනැමීමට එරට රජය තීරණය කර ඇත.
නැටුම් කලාව වෙනුවෙන් මෙම සම්මානය අසූ තුන් හැවිරිදි වජිරා චිත්‍රසේන මහත්මියට මෙම සම්මානය පිරිනමා ඇති අතර අභාවප්‍රාප්ත මහාචාර්ය දසනායක මහත්මියට මෙම සම්මානය පිරිනමා ඇත්තේ හින්දි බස ප්‍රචලිත කිරීම වෙනුවෙනි.
ඉන්දීය ජනරජයේ අගමැතිවරයා විසින් පත්කරනු ලබන කමිටුවක නිර්දේශයන් අනුව වජිරා චිත්‍රසේන මහත්මියත් ඉන්ද්‍රා දසනායක මහත්මියත් පද්ම ශී‍්‍ර සම්මානයට තෝරාපත් කර ඇති අතර එරටින් සිවිල් වැසියෙකුට පිරිනැමෙන සිව්වැනි ඉහළම සම්මානය ලෙසින් මෙය සලකනු ලබයි. මීට පෙර පණ්ඩිත් අමරදේවයන් හට මෙම සම්මානය පිරිනමා තිබිණ.
චිත්‍රසේන මහත්මිය මෙන්ම දසනායක මහත්මිය නියැළී සිටි ක්ෂේත්රයන් වෙනුවෙන් ලබාදුන් පුරෝගාමී දායකත්වය හා ඉන්දීය-ශී‍්‍ර ලංකා සම්බන්ධතා සවිමත් කිරීම උදෙසා සිය ක්ෂේත්රයන් යොදා ගැනීම වෙනුවෙන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතුවී ඇත.
ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ශිල්පියකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය චිත්රසේනයන්ගේ ආදරණීය භාර්යාව වන වජිරා චිත්‍රසේන මහත්මිය මේ වන විට 87 වැනි වියේ පසුවන්නීය. මේ වන විට දශක හයකට අධික කාලයක් නර්තන ක්ෂේත්රයේ නියැළී සිටින ඒ මහත්මිය චිත්‍රසේන වජිරා නර්තන පදනමේ විදුහල්පතිනියද වේ. ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙසද සැලකෙන වජිරා මහත්මිය උඩරට නර්තන කලාවේ නියැළී පූර්ණකාලීන වෘත්තීය නර්තන ශිල්පිණිය ලෙසින්ද සැලකේ. ඇය සිය වෘත්තීය ගමන් මඟට අවශ්‍ය විවිධ ඉසව් සොයා ඉන්දියාව, රුසියාව හා යුරෝපීය රටවල් කීපයක නර්තන ඉගැනුම් ක්‍රමවේදයන් පිළිබඳ පර්යේෂණ කරන ලද ගුරුවරියකි.
කැලණිය විශ්වවිඉාලයේ හින්දි භාෂා දෙපාර්තමේන්තුව යළි ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ආයතන වෙත හඳුන්වා දෙමින් එහි ප්‍රවර්ධනයට අනභිභවනීය මෙහෙවරක නියැළී සිටි සරසවි ආචාර්යවරියකි. දසනායක මහත්මිය 2007 වසරේ නවදිල්ල නගරයේ පැවති ලෝක හින්දි සම්මේලනයේදී 2005 වසර සඳහා පිරිනැමෙන ආචාර්ය ජෝර්ජ් ගී්රයසන් හින්දි සේව් සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.