වාසනාව කියා දෙයක් නැහැ – ලසිත් මාලිංග

රූපවාහිනී වැඩ සටහනකට සහභාගිවූ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කියාසිටින්නේ වාසනාව කියා දෙයක් නැති බවයි. ආතල් එකට වෙලේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන ක්‍රීඩකයා අධ්‍යාපනයද කඩාකප්පල් කරගෙන විභාග අසමත් වී සම්මුඛ පරීක්ෂණයකට ගෙනියන්නට කිසිදු සුදුසුකමක් නැතිව සිටියදී තමන්ට ක්‍රිකට් ක්‍රීඩාව හැකියාවක් ඇති බව දැනුනොත් ඔහු කරන ක්‍රීඩාවට සීයට සීයක්ම ඉඩ දිය යුතු බවයි මාලිංග පැවසුවේ. එවිට එයින් ගොඩ යයි නම් මෙය වාසනාව නොව කැපවීමයි.

වතුර වීදුරුවකින් ගත හැක්කේ ඊට දැමූ ප්‍රමාණයම පමණි. එලෙසින්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ප්‍රතිඵල ලබාගත හැක්කේ තමන් ක්‍රීඩාව වෙනුවෙන් කැප වූ තරමට පමණි. කෙනෙක් ගොඩනැගිල්ලකින් බිම වැටෙයි. වැටෙන විට ඔහු ගැට්ටක් අල්ලා ගෙන බේරෙයි.

ඔහු හරි වාසනාවන්ත ලෙස බේරුණ බව අපි කියමු. එහෙත් එය සත්‍යයක් නොවේ. ඔහුට ගැට්ට අල්ලා ගැනීමට තරම් හැකියාවක් තිබුණි. ඔහු බේරුණේ එනිසාය.

ලසිත් මාලිංග මේ කතාව කියන්නේ තමන්ගේ නායකත්වය අභියෝගයට ලක්ව තිබෙන මොහොතක ය. අප්‍රමාණ කැපවීමකින් යුතු මේ ක්‍රීඩකයාට අභියෝගයට අභියෝග කළ හැකි වනු ඇත.

කතාවේ ඉතුරු ටිකට මේ වීඩියෝ බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.