දයාසේන ගුණසිංහ යලි මතක් වූ සඳ – මව්වරුන් දරුවන් තබා යන කාමරය

baby

අපෙන් වියෝ වූ දයාසේන ගුණසිංහ කවියා යළිත් මතකයට නැගුනේ ජාතික ලමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කළ හද කම්පාවට ලක්කරන යෝජනා වෙනි. මව්වරුන් දරුවන් බිහිකර මහ මග දමා යෑම වැඩිවිය ඇතිහෙයින් එවන් දරුවන් තබා යෑමට රෝහලේම කාමරයක් නිර්මාණය කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යෝජනා කොට ඇත.

තත්ත්වය කොතෙක් බැරෑරුම් ද?

“වැහැරී ගිය උකුලේ නැත

සුව යහනක් සැදුනේ

වියලී ගිය දෙතනේ නැත

කිරි බිඳුවක් එරුනේ

කප පවතින තුරු නොනිමෙන

සුසුමෙන් සමු ගැනුනේ

හිරු ගිලිහෙන මොහොතක නුඹ

මග අයිනක රැඳුනේ ”

ශිෂ්ට සම්පන්න සමාජයකට තමන්ගේ රටේ ගැහැණුන් බිහි කරන දරුවන් අවශ්‍ය නොවේ නම් තබා යා හැකි කාමරයක් නිර්මාණය කොට ගැටලුව විසඳන්නට සිතන්නේනම් යලිත් වතාවක් අප අපේ හෘද සාක්ෂිය

විමසිය යුතු නැද්ද?

“උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ

වැදූ මවට නුඹ වැඩියක් වී ද දුවේ

දුක උහුලා ඉන්නට මට හැකි ය දුවේ

නැව් නැගලා දුර රටකට යන්න දුවේ ”

පාසලේ දරුවන් මුහුණදෙන අපයෝජන වැළැක්වීමට පැමිණිලි පෙට්ටියක් තැබීමට යෝජනා වී ඇත. නිසි වයසට එළඹෙන්නේ නැතුව ගැබ් ගන්නා තරුණ දියණියන්ගේ ගැටලුව මීට වඩා බැරෑරුම් නොවේද? අවසානයට මේ දරුවන්ට ඉතිරි වන්නේ ආගන්තුක සෙනෙහස නොවේද? රුදුරු ගැරහුම් වලට වඩා ආගන්තුක සෙනෙහස හෝ වටින්නේය යයි සිතා සැනහෙමු ද?

“පෙර කළ මහ පින් මහිමෙනි

මේ දෙස උපදින්නේ

ඉපදෙන මිස රැඳෙනා පින

ඇයි නුඹ සතු නොවුනේ

දරුවන් ඇස කඳුලින් ලය

උණුවන මිනිසුන්නේ

සරණින් ලොව කොතැනක වුව

සැනහෙන් දියණියනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.