චණ්ඩමාරුතය හඹාගිය අකලංක අතුකෝරල

හිරු පහලින් ගලාගෙන ගිය මහවැලි ගඟට සමුදී හන්තාන ගිරි කුලින් පහළට බැස යද්දී දහතුන් හැවිරිදි කොලු ගැටයෙකු ගේ විශ්වකර්ම වැඩක් ගැන කතාබහ කරන්නට ආචාර්ය මහාචාර්ය ප්‍රමුඛආචාර්ය බොහෝදෙනෙක් පේරාදෙණිය පාර මහවැලි ගඟ අයිනේ ශාලාවක රැස්ව සිටියහ. කොලුගැටයා අකලංක අතුකෝරලය.

මේ කොලු ගැටයා ඇමරිකාවේ නාසා ආයතනයේ ඇරයුමෙන් චණ්ඩ මාරුතයක් හඹා යෑම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ මූලස්ථානය කරගත් සමූහයක් විසින් කැඳවා තිබිණ. පෘථිවිය කරා එන චණ්ඩ මාරුතයක් නතර කිරීම ඔහුට පැවරුණු කාර්යය යි.

මේ සඳහා අඟහරු ලෝකය කෑමට සිදු වුවත් ඔහු වැඩේ අත්හැරියේ නැත. මේ කටයුත්තේදී ඔහුට නාසා ආයතනය හා කටයුතු කිරීමටත් සිදුවිය.

මේ අතරතුර පූසෙක් රස බලා ගැනීමටත් සිදුවිය. මේ සියල්ල හමාරකළ කණ්ඩායම පැසිෆික් සාගරයට සාගරයට ජයග්‍රාහීව ගොඩ බැසීමෙන් අනතුරුව අකලංකට නින්දෙන් ඇහැරීමට සිදුවිය.

සමාවන්න මේ අත්දැකීමට මුහුණ දුන්නේ අකලංක අතුකෝරල පලකල තමන්ගේ දෙවන කෘතිය වූ Huricane Hunters හි ප්‍රධාන චරිතයයි.

අකලංකගේ නිර්මාණය ගැන කතා කළ පුවත්පත් කතුවර මලින්ද සෙනවිරත්න කියා සිටියේ තමන් කොතෙක් ලීවත් තාමත් පොතක් ලියා ගත නොහැකි වූයේ මෙය දුෂ්කර කාර්යයක් වන බැවිනි.

තමන්ගේ මාමා කෙනෙක් ගැන නවකතාවක් ලිවීමට හිතාගෙන සිටියත් රිය අත්හරින්නට ඔහු වූයේ ඒ සඳහා අවශ්‍ය සංයමය නොමැති වූ හෙයිනි. මේ සංයමය වරක් නොව දෙවරක්ම අකලංක විසින් ප්‍රකට කිරීම ප්‍රසංසාවට කරුණක් බව මලින්ද කියා සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ මහාචාර්ය සුමති සිවමෝහන් මෙම නිර්මාණ චාරිකාව තුළින් දරුවෙකුගේ සිත උද්දීපනය වී ඇති ආකාරය ගැන අපූරු විග්‍රහයක් කළාය. සභා ගැබේ බොහෝදෙනාට සිතුනේ මේ තරම් විග්‍රහයකට පාදක වන්නට යමක් ලියන්නට තරම්

අකලංක කොතෙක් දක්ෂයෙක්ද වීද එසේම එවැනි විග්‍රහයක් අසන්නට තරම් අප කොතෙක් වාසනාවන්තයන් විමු ද යන්නයි. අකලංක ඔබට දුර ගමනක් හිමිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.