සුපෙම්වත් තිස්ස විජේසුරේන්ද්‍ර නික්ම ගිහින්

tissa wijesundara

ප්‍රවීන සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 71 වන වියේ පසු වී ඇත. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේ.
තිස්ස විජේසුරේන්ද්‍ර 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා විය. සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නලුවා මල්ගස් වටේ යැවීමට අධ්‍යක්ෂවරු පසුබට නොවූහ.

තිස්ස රඟපෑවේ සිංහල සිනමාවේ අති සුන්දරම සහ අති දක්‍ෂම නිළියන් වන මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරණසිංහ, නීටා ප්‍රනාන්දු,සුමනා අමරසිංහ,ජෙනිටා සමරවීර පෙම්වතා ලෙසිනි. සුරේකා, සුදු පරවියෝ, සුහද පැතුම, කලණ මිතුරෝ ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට විය.

1970 දී රන්ජිත් ලාල් අධ්‍යක්‍ෂණය කළ ‘නිම් වළල්ල’‘ චිත්‍රපටය තිස්සගේ ප්‍රථම චිත්‍රපටයය. තිස්ස විජේසුරේන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.