ප්‍රසන්න රණවීර රාහුල් ගාන්ධි මහත්මා ගාන්ධි සම්බන්ධය හදයි

prasanna ranaweera

අගමැති මහින්ද රාජපක්ෂ සමග ඉන්දියාවට ගිය ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ මුහුණුපොතේ රාහුල් ගාන්ධි – මහත්මා ගාන්ධි ගේ මුණුපුරෙක් බව සඳහන් කිරීම හේතුවෙන් ඇතිවූ ආන්දෝලනය හමුවේ ඔහු නව පැහැදිලිකිරීමක් මාධ්‍යයට ඉදිරිපත් කොට තිබේ.

“ඒක මම දැම්ම එකක් නෙමේ. ඇත්තටම ඒක දානකොටත් මම එහෙ. රාහුල් ගාන්ධි කියන්නෙ ඉන්ධිරා ගාන්ධිගෙ මුනුපුරා. ඒත් එයා මහත්මා ගාන්ධිගෙත් ඥාති වෙනවා. මම හිතන්නෙ මී මුනුපුරෙක්. ඒ නිසා ඒක මුනුපුරෙක් කිව්වට ගැටලුවක් නෑ.”

ප්‍රසන්න රණවීර පසුගිය වතාවක පාර්ලිමේන්තුවේ කතා නායක පුටුවට වතුර දැමීම්, මිරිස් කුඩු ගැසීම් ආදියටද චෝදනාවට ලක්විය. නමුත් ඒ කිසිවක් ඔප්පු වී නැති අතර, ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණයක් සහිත පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රිවරයෙකි. ඔහු ඉන්දියාවේ දී බරපතළ රාජතාන්ත්‍රික සාකච්ඡාවට සහභාගි වී ඇති බවයි පවසන්නේ.

“අපි ඒ ගියපු වෙලාවෙ අපි කතා කළා. ධීවර ප්‍රශ්න සම්බන්ධව. ඒ නිසා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහත්තයා, ඒ වගේම නිවාස ප්‍රශ්න සම්බන්ධව කතා කළා. ඒ සඳහා තොණ්ඩමන් ඇමැතිතුමා. මේ විදියට නිවාස සම්බන්ධ දේවල් කතා කළා. විශේෂයෙන් කැලණි ගඟෙන් එගොඩට වගේම මෙහාටත් නිවාස ව්‍යාපෘති කීපයක් දෙන බව කීවා. ඒ ගැන සාකච්ඡා කරන්නයි මම සහභාගි වුණේ.”

සමාජ මාධ්‍ය ප්‍රතිචාර හෝ පයිසෙකට ගණන් ගන්නේ නැත

“ඕවා කවුද ගණන් ගන්නේ. මම සමාජ ජාලාවල චෝදනා ගණන් ගන්නේ නෑ. මං පොඩි තැනකින් ආපු මිනිහෙක්නෙ. මමත් ටයි කෝට් දාලා ලොකුවට හිටියා නම් මටත් හොඳ කියයි. මම පොඩි තැනින් ආපු මිනිහනෙ. ඒ නිසා මට ගහනවා. මම ඕවට සැලෙන්නෙ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.