බ්‍රිතාන්‍ය මුරුසි ගැටුමේදී ලංකාව මුනිවත රකී

පසුගියදා එක්සත් ජාතීන්ගේ වාරයකදී චාගොස් දූපත් බ්‍රිතාන්‍යයට අයිති විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවතී ඡන්ද විමසුමකදී ශ්‍රී ලංකාව ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියාය, රටවල් එකසිය දාසයක් 116 ඉන්දියන් සාගරයේ චාගොස් දූපත් වල පරිපාලනය මුරුසියට හිමිවිය යුතු බව කියා සිටී අතර වත්මන් පාලකයා වූ බ්‍රිතාන්‍ය තවදුරටත් මේ කොදෙව් දූපත් පාලනය කළ යුතු බවයි තවත් රටවල් 6 ක් කියා සිටියේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 53 ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීම බොහෝ විදෙස් විත්ති විචාරකයින්ගේ විමසුමට ය ලක් වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නොබැඳි රටක් ලෙසින් පෙනී සිටින හෙයින් මේ තීරණාත්මක ඡන්ද විමසුමෙන් වැළකී සිටීම ප්‍රශ්න කටයුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍ය චාගොස් දූපත් හඳුන්වන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්දියන් සාගර දූපත් සමූහය ලෙසයි, 1965 දී හමුදා කදවුර පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍ය මෙම දූපත් අත්පත් කර ගත්තේය. බ්‍රිතාන්‍ය කියා සිටින්නේ මෙය තමන් හා මුරුසි රාජ්‍ය අතර පවතින ප්‍රශ්නයක් බවයි.

ආරක්ෂක කටයුතු වලට ත් බ්‍රිතාන්‍ය ඉන්දීය සාගර දූපත් සමූහය how දුරක අවශ්‍ය නොවූ විට කමක් මුරුසි රාජ්‍යයට මේ දූපත් යළිත් බාර දෙන බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ එතෙක් ජාත්‍යන්තර ප්‍රජාවට මේ අර්බුදයට අත නොදමන්නැයි බ්‍රිතාන්‍ය මෙන්ම ඇමරිකාවත් කියා සිටී.

විසිඑක්වන ශත වර්ෂයේදී යටත් විජිත දූපත් පවත්වාගෙන යෑමට බ්‍රිතාන්‍ය උත්සාහ දැරීම අතාර්කික බවයි බොහෝ විදේශීය විචාරකයන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.