කාන්තාවන් පෙරමුණගත් නාඋල සහන මෙහෙයුම

නාඋල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොඩවදින විටත් එය කඩිගුලක් මෙන් කාර්ය බහුල වී තිබුණි. මාතලේ සහ දඹුල්ල නගර අතර පිහිටි ප‍්‍රධානතම උප නගරය නාඋලය. ග‍්‍රාම සේවා වසම් 46 ක වෙසෙන 10000 ඉක්ම වූවන්ගේ සුව සෙත උදෙසා ඒ වන විටත් එහි විවිධ ඉසව් ඔස්සේ වැඩසටහන් රාශියක් දියත් කෙරෙමින් තිබුණි.

නාඋල ප‍්‍රාදේශීය ලේකම් මෙන්ම සහකාර ප‍්‍රාදේශීය ලේකම් තනතුරු දෙකම හොබවනුයේ නිළධාරිනියන් දෙදෙනෙකු විසිනි. මෙවන් කාර්යභාරයක් ඔවුනට ඉසිලිය හැකිදැයි යන ගැටළුව ඇති වු අපට වැටහීගියේ ඔවුන් සාර්ථකව සිදු කර ඇති කාර්යභාරය මිලකළ නොහැකි බවය.

ප‍්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලූක්‍ෂි ජයරත්ත මහත්මිය සහ සහකාර ප‍්‍රාදේශීය ලේකම් සජිණි දසනායක මහත්මිය දිවයින හා එක්වූයේ කාර්යබහුල බව අතරමය.

ආත්මා ඩිලූක්‍ෂි ජයරත්ත මහත්මිය සිය සති හයකට ආසන්න අඛණ්ඩ ක‍්‍රියා දාමය විස්තර කළේ මෙලෙසය..

”අපි පුංචි කාලෙවත් මේ වගේ වසංගත ගැන අහල තිබුනේ නෑනෙ.නියග කුණාටු ගංවතුර වගෙ අවස්ථාවල කටයුතු කරණ ආකාරය දැන සිටියත් මේ වගේ ලෝක වසංගතයකට මූණ දෙන්නෙ කොහොමද කියන අත්දැකීම අපිට තිබුණෙ නැහැ.

කොරෝනා අවධානම ලංකාවට එනකොටම සෞඛ්‍ය බලධාරීන් මෙන්ම අපේ ඉහළ නිළධාරීනුත් අපට දැනුම් දුන්නා එය පාලනය කිරීමේ රාජ්‍ය වගකීම අපි අතින් සිදු විය යුතුයි කියලා.

මුළින්ම අපි කාර්යාලේ අයට කතාකරලා මෙහෙයුම් කමිටුවක් සකස් කළා. ඕනම තත්වයක් හමුවේ වගකීම ඉටු කරන්න අපේ නිළධාරීන් දැනුම්වත් කළා.එතැන් සිට දවසින් දවස වැඩ වැඩි උණා.අපේ සේවය විසි හතර පැය දක්වා දිගු කරන කොටත් අපි සූදාකම් වෙලයි හිටියෙ.අපි දැන් දිවා රාත‍්‍රී වැඩ දවස් සති 6 පමණ ගත කරලයි ඉන්නේ.ඇත්තටම .මුල් දවස් කීපයේ රැුයක් දවාලක් නෑ වගේ තමයි දැනුනෙ. එක දිගට අපේ කාර්ය මණ්ඩලය වැඩ කළා. ඇතැම් අය එක දිගටම හිටියා.අපි දවසකට නිළධාරීන් 30 විතර යොදාගත්තත් අනෙක් අයත් නොගිහිං මෙහෙට වෙලාම උදව් කළා.

ඉස්සර හුගක් අය කිව්වා රජයේ කාර්යාල දුර්වලයි නිළධාරීන් වැඩ කරන්නේ නැහැ.ඔපිස් වල වැඩ නෑ කියලා. නමුත් මේ අවධානම ඇති උනාට පස්සෙ ඔක්කොටම තේරුණා රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය නිළධාරීන්ගේ වටිනාකම.ඒ අයගෙ දිවා රාත‍්‍රී කැපවීම, සහයෝගය,නිසා තමයි මේ රට ඉක්මණින් යථා තත්වයට පත් කෙරෙමින් තියෙන්නේ.මේ රාජ්‍ය නිලධාරීන්ගේ උපරීම ශක්තිය අපට යොදා ගන්න පුළුවන් ඒක මේ උවදුරෙන් අපට ලැබෙන හොඳ ආයෝජනයක් ලෙසසි මම දකින්නේ.

මොනවද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටු වුනේ කියල දැනගන්න අපට ඕන කළා

අපි ඉස්සරලාම කළේ ඇදිරි නීතියත් එක්ක ජීවනෝපාය අහිමි වන අය ගැන සොයා බලල හªනාගත්තු 314 දෙනෙකුට පිහිට වුණු එකයි.නාඋල කියන්නේ අර්ධ නාගරික ප‍්‍රදේශයක්. හුගක් ඉන්නෙ ගොවියො, කුඩා ව්‍යාපාර කරණ අය.මේ නිසා සහන ලැබිය යුතු පිරිස වැඩියි.අපි මුළින්ම නගරෙ වෙළද ප‍්‍රජාව, ග‍්‍රාමීය සංවිධාන,පරිත්‍යාගශීලීන් ට ආරාධනා කළා ඒ අයගේ උදව්වෙන් අපි අත්‍යවශ්‍යම අයට මුළින්ම සහන සැලැස්සුවා,ඒත් එක්ක තමයි ව්‍යස්ථාපිත කාර්යයන් ඇරඹුනේ. සමෘද්ධි ප‍්‍රථිලාභීන් 4548 සඳහා රැුපියල් මිලියන 22 සහන ලබා දීම . වැඩිහිටියන් 969 සඳහා රුපියල් මිලියන 4.845 ආධාර දීම.අඩු ආදායම්ලාභීන් 3115 සඳහා රුපියල් 15575000.ක මුදලක් බෙදා දීම.ජීවනාධාර වශයෙන් පුද්ගලයන් 252 සඳහා රුපියල් ලක්‍ෂ 13 ක පමණ ආධාර දීම. වකුගඩු දීමනා. ආබාධිත දීමනා. .තව තවත් ආධාර කීපයක්ම බෙදුනා. මේ සියල්ලම නිවෙස්වලටම ගිහින් ආරක්‍ෂිතව ලබා දීමට අපේ නිළධාරීන් කටයුතු කළා.මේ අනුව ප‍්‍රදේශයේ 60-70 % අතර පිරිසකට සහන සැලසුනා.

මේත් එක්කම දිවා රාත‍්‍රී මදි උනා.ආධාර ලැයිස්තු හැදීම මුදල් සෙවීම සහන බඩු සැපයීම. පසුදා බෙදිය යුතු ආධාර පැකට් සැකසීම. කොරෝනා පණිවුඩ ලබා දීම. නිරෝධායන වැඩ බැලීම.අපි හැමදෙනාම වතුර වගේ ඇලක. දොළක, භාජනයක දි ඒ ඒ හැඩ ගන්නවා වාගේ අපි එන එන දේට හැඩගැහෙමින් වැඩ කළා නිළතල බැලූවෙ නැහැ වැඩ කළා.මාතලේ මේ දක්වා රෝගීන් හමුවී නැහැ ඉතිං අපිත් නාඋලට රෝගය ඇති නොවෙන්න වැඩ කළා.

අපට උපදෙස් ලැබුනේ හැකිතාක් ජනතාව ඈත් කරන්න සංචරණය සීමා කරවන්න කියලයි.එුකට තිබුණු එකම විසදුම ජනතාව නගරයට ඒම වලක්වන එකයි. ඒ නිසා අපි සියලූ දේවල් ජනතාව ලඟට ගෙන ගියා ආහාර, මුදල්, සහනාධාර,වෙනත් උපකාර.තැපෑල අක‍්‍රිය වෙනකොට අපි මැදිහත්වෙලා විශ‍්‍රාම වැටුප් දෙන්න කටයුතු කළා, රෝහල් වල සායන රෝගීන්ගේ පොත් 600 එකතු කරලා බෙහෙත් ටික ගමටම ගිහිං දුන්නා,දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැහුවාම අසරණ උණු ගොවීන්ගේ එළවළු ගොවිජන සේවාවේ සහය අරං මෙටි‍්‍රක් ටොන් 22 මිලට අරං කුරුණෑගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පහකින් ඕඩර් සොයාගෙන ඒවා යැව්වා, ඒ අතරෙම ලේ දන්දීමක් සූදානම් කරලා දඹුල්ල රෝහලට ලේ එකතු කරලා දුන්නා.සමෘද්ධි ලාභීන් 540 කට බීජ පැකැට් බෙදීමත් ඉටු කළා.

මේ සියල්ලෙදිම ග‍්‍රාම නිළධාරීන් සිදු කළ මෙහෙය අපමණයි.අපේ හුඟක් ඉන්නනෙත් ග‍්‍රාම නිළධාරිනියන්.ඒ අයත් හරි හරියට වැඩ කළා.ඒ වගේම සියලු කාර්යාලයේ පරිපාලන කාර්ය මණ්ඩලය.අපේ සමෘද්ධි කළමණාකාරු ප‍්‍රමුඛ නිළධාරීන් සමූහය වගේම සංවර්ධන නිළධාරීන් සැම දෙනාමත් එක මිටට වැඩකළා.මුළු රටේම එහෙමයි.මේක ලොකු අත්දැකීමක් දැන් හුගක් ඉන්නෙ තරුණ නිළධාරීන් ඒ අය මෙහි දී කළ සේවය හරිම වටිනවා.

මේ නිසා ඇදිරි නීතිය ඇරෙන විට නගරයෙ තද බදය අඩු උණා. හුගක් අයට මොනවා හරි සහන ලැබුනා.ඒ විතරක් නෙමෙයි මේ පළාතේ පරිප්පු සැමන් හිඟයක් ඇතිඋණා අපි සතොසට කතා කරලා තොග මෙහෙට ගෙන්නගෙන පැකට් කරලා සෑම ගමකටම පාහේ තොග මිලට ගමටම ගිහින් ලබා දුන්නා.ඇදිරි නීතිය අයින් කළාම පිට වෙළෙන්දො මුළින් මුළින් වැඩි මිලට බඩු විකුණන්න උත්සහ කළා. අපි ඒකත් පාලනය කළා.අද අපිට සතුටුයි.අපි අපේ ජනතාව මේ දක්වා රැුක බලාගත්තා.කන්න බොන්න හිඟයක් ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ.

ඉතිං මේ කටයුත්ත අපි තනිවම නෙමෙයි කළේ. සෞඛ්‍ය අංශවල උපදෙස් නිතර අපට ලැබුණා.මහජන සෞඛ්‍ය මහත්වරු දෙන්නයි කලාපෙටම ඉන්නේ එයාලා මහන්සි වී වැඩකළා.පොලිසිය හමුදාව, ප‍්‍රාදේශීය සභාව,පෞද්ගලික ආයතන සංවිධාන, පරිසර සංවිධාන, මාධ්‍යවේන්, ග‍්‍රාම සංවර්ධන සමිති,එකම අරමුණකට වැඩකළා ඇය ඉතා අපුරුවට විස්තර කළේ එසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.