ගම්පොල පුරන් කුඹුරු රන්වන් කරලින් පුදන පොලිස් ස්ථානාධිපතිනිය

police

පුරන් කුඹුරු අසාදන වැඩපිළිවෙළට ගම්පොල මූලස්ථාන පොලිසියේ ප‍්‍රජා පොලිස් ස්ථානාධිපතිනි දෙවින්දි වික‍්‍රමසිංහ මහත්මිය පුරෝගාමිත්වය දෙමින් සිටී.  රත්මල්කඩුව, හපුගස්පිටිය වෙල්යායේ අක්කර 65 ක පුරන් කැඞීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකය.

ගම්පොල ප‍්‍රදේශයේ වසර 20 කට වඩා වැඩි කාලයක් වැඩ නොකර පුරන් වී ඇති කුඹුරු අක්කර 1400ක් පමණ මෙම කන්නයේදී වගා කෙරෙනු ඇත.

පාසල් යන වයසේ සිටින දරුවන් 100 දෙනෙකුට අධික ප‍්‍රමාණයක් පුරන් කැඞීම සදහා සහයෝගය දෙමින් මිටෙන් හළ කුරුල්ලන්සේ මඬේ වැටෙමින් ද`ගලමින් කෑගසන අයුරු ගම්වැසියන් බලා සිටියේ දෙනෙතට ක`දුළු පුරවා ගනිමින් බව ගම්පොල සික වාර්තාකරණ චමින්ද සිල්වා පවසයි.

කළුතර දිස්ත්‍රික්ක
ජාතික කෘෂි නිෂ්පාදන වැඩ සටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලැබී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

කළුතර දිස්ත්‍රික්ක තෙත් කලාපයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් පවතින දිස්ත්‍රික්කය වන අතර යල මහ කන්න දෙකෙහි හෙක්ටයාර් 20000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අස්වද්දනු ලබයි

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් දහතුන් දහස් ගණනක් ද, කළුතර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් හයදහස් ගණනක් ද කොළඹ දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් එක් දහස් ගණනක් ද යන ලෙසින් මෙසේ කුඹුරු පුරන් වී ඇත.

බස්නාහිර පළාතේ කුඹුරු පුරන් වීමට බලපාන ගැටලු වශයෙන් වාරිමාර්ග ගැටලු, ශ්‍රමය හිඟවීම, පසේ ආම්ලිකතාවය. සහ වී ගොවිතැන ආර්ථික වශයෙන් ඵලදායක නොවීම යන ආකල්පය බලපා ඇති බව කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ පුහුණු ආයතනය පවසයි.

රත්නපුරය
රත්නපුරේ විමලබුද්ධි පොඩි හාමුදුරුවෝ මේ වන විට පුරන් කුඹුරු අස්වැද්දීමට ෆේස්බුක් මෙහෙයුමක් ආරම්භ කොට ඇත. ගාල්ල ලබුදුව යායේ හා කිරිබත්ගොඩ මාවරමණ්ඩිය යායේ වසර 25කට අධික කාලයක් පුරන්ව පැවැති අක්කර 60 ක පමණ පුරන් කුඹුරු යායක් අස්වැද්දීමට පෙරමුණ ගෙන සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.