
මේ වන විට කොළඹ දියත උයනේ උද්‍යාන පැල විකුනන වෙළෙඳුන් අතරේ සේර ඉතා ජනප්‍රිය වී ඇත. ප්‍රධාන හේතුව වන්නේ මැසි මදුරුවන් හා සර්පයින් සේර ගස් තිබෙන තැනින් දුරස් වී සිටින බව සමාජ මාධ්‍ය හා පුවත්පත්වල පළවී ඇති වාර්තාවන්ය.
සේර විශාල අපනයන ශක්‍යතාවයක් ඇති බෝගයක් වුවත් මේ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩි දියුණු කිරීම සඳහා සේර යොදාගත හැකිය.
සේර ශාකයේ පත්‍ර හා දඩු වලින්සේර තෙල් නිෂ්පාදනය කර ගැනේ මේවා සුවද විලවුන්, සබන්, දුර්ගන්ධ නාශක වර්ග, විෂබීජ නාශක ද්‍රව්‍ය නිපදවීමට හා සෙර පත්‍ර හා කද කොටස් ආහාර රස ගැන්වීම සඳහා ද භාවිත කෙරේ.
සේර තේ බටහිර රටවල් වල මෙන්ම ඈත පෙරදිග රටවල් වල ඉතා ජනප්‍රිය පානයකි. විශේෂයෙන්ම මේද හරණය සඳහා සේර තේ භාවිතාවේ.
කෘමි සතුන් විකර්ෂණය කරන තවත් පැළෑටි ගණනාවක් ඇති බව වාර්තා වේ.
- ලැවැන්ඩර්
- කපුරු
- දහස්පෙතියා
- කුප්පමේනියා
- ගොඩ සැල් වීනියා
- සුදු ලූනු