ජනාධිපති කාර්යාලය ඉහළ තනතුරු රැසකට යෝජනා ප්‍රතික්ෂේප කරයි

Gotabhaya-GH

ඉහළ තානාන්තර සඳහා ලැබෙන නාම යෝජනා රැසක්ම ජනාධිපති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කොට ඇත. මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ තනතුර පුරප්පාඩුව පවතී. දැනට මාස කීපයක් තිස්සේම මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය පවත්වාගෙන යන්නේ වැඩබලන කොමසාරිස්වරයා විසින්. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නම් කීපයක් නිර්දේශ කොට තිබුනත් නොයෙක් හේතු නිසා එම නම් ප්‍රතික්ෂේප වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් තනතුර තවත් එවැනි තනතුරකි. නිලධාරීන් දෙදෙනෙකු මේ තනතුර බලාපොරොත්තුවෙන් සිටිති. සිරකරුවන් හා කටයුතු කිරීමේදී ඔවුන් පිළිබඳ හඳුනා ගෙන සිටීම වැදගත් හෙයින් සේවාව තුළින්ම කොමසාරිස් වරයෙකු පත් කිරීම වැදගත් විය හැකි බව ඇතැම් නිලධාරීහු පෙන්වා දෙති.

රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරද පුරප්පාඩුව පවතී. චාල්ස් මහත්මිය උතුරේ ආණ්ඩුකාර තනතුරට පත්කිරීමෙන් අනතුරුව තනතුරක් පුරප්පාඩු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.