ඉන්දියාවේ බඩගින්න වීදි බසී

දින විසිඑකක් පුරා ඇඳිරි නීති නියෝග පැනවීමෙන් අනතුරුව ප්‍රධාන නගරවල රැස්ව සිටි කම්කරුවන් සහ දිනපතා වැටුප් උපයාගන්නා පිරිස් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී.

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මෙම ජනතාවට ආහාර සපයන් දීමට උත්සාහ ගත්තත් ආපසු තමන්ගේ ගම් රටවල් බලා යෑමට උත්සාහ දරන ඉන්දීය කම්කරුවන්ගේ ගැටලුව විසඳී නැත.

නව දිල්ලියේ සිට අපට කතා කළ අරුණ වික්‍රම රෝහණධීර ආහාර බෙදා දිය නොහැකි තරම් විශාල ජනගහනයක් එක පොදියට රැස්කමින් සිටින බවයි. මධ්‍යම රජය උපදෙස් දී ඇත්තේ ප්‍රාන්ත වලට තමන්ගේ ප්‍රාන්ත සීමාව වසාගෙන

ප්‍රධාන නගරවල සිට එන කම්කරු ජනතාවට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසයි. Safe Approach නම් රාජ්‍ය නොවන සංවිධානය දිනකට වේල් හට දහසක් පමණ මෙම ජනතාවට ලබා දෙයි.

මෙම ආහාර ලබාගැනීමට එක්රැස් වන ජනතාවට දුරස් වන්න -දුරස් වන්න යැයි පොලීසිය කෑමොර දෙයි. එහෙත් ඒවා අසන්නට කම්කරු ජනතාවට වෙලාවක් නැත ඔවුන් පොරකති.

පොලිසිය ආබාධිතයෙකුට සහ දරුවන්ටත් දිග පොලුවලින් පහර දෙති. දරුවකුගේ තොල් පුපුරා ලේ ගලන්නට පටන් ගනී.

අත්‍යවශ්‍ය සේවා සපයන බව ආණ්ඩුව පොරොන්දුවත් මේ පොරොන්දුව බොහෝ විට කඩ වි ඇත. දුප්පත් ජනතාවට උදවු කිරීමට ඇතැම් පිරිස් ඉදිරිපත් වුවත් ඔවුන්ට තමා ආධාර ජනතාව කරා ළඟා කළ නොහැක.

අනික් අතට නව සෞඛ්‍ය පුරුදු පිළිබඳව දුප්පතුන් දැනුවත් කලත් ඔවුන්ට ඇඟපත සෝදා ගැනීමට පහසුකම් නැත. ආණ්ඩුව සිකුරාදා දුප්පතුන්ට සහන සැලසීම සඳහා ඩොලර් මිලියන දෙකක මුදලක් වෙන් කළේය.

ඉන්දියාවේ දෛනික දීමනාවලින් යැපෙන සේවකයින් මිලියන 400ක් පමණ සිටිති මෙයින් වැඩි දෙනාට මේ සහනාධාර ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් නිසි ලෙස ලියාපදිංචි වී නොමැති හෙයිනි.

ඈත ප්‍රාන්ත වලින් ප්‍රධාන නගරවලට සංක්‍රමණය වූ වෙන මේ පිරිස් කුලී වැඩ කරමින් ජීවත්වෙන අසරණ ඔවුන් ආණ්ඩුවේ ලියාපදිංචි වූයේ නැත.

මේ වන විට කොරෝනා වෛරස් ආසාදනයෙන් 24 දෙනෙක් මියගොස් ඇති අතර 1000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.