ට්‍රම්ප් ඉන්දියාවේ – මරණ 10 ක්

trump

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය සිදුවුන අතරවාරයේ නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබේ.

පුරවැසි පනතට පක්ෂ හා විපක්ෂ පිරිස් අතර සිහිවුනේ ගැටුම අනතුරුව ආගමික මුහුණුවරක් ගත්තේය. දැන් ඒ හින්දු මුස්ලිම් ගැටුමක් බවට පරිවර්තනය වෙමින් පවතී. ගැටුම් දැනුවත්කිරීම් ප්‍රදේශවලට පැතිර යමින් තිබේ.

මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසීමේ දී එය මගහරිමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඒ පිළිබඳ තමන්ට ද “කණ වැකුණු” බවය. “එම සිදුවීම” ඉන්දියාවට අවශ්‍ය පරිදි පාලනය කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්දියාවේ ආගමික නිදහස සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ තමන් අවධානයට ලක් කළ බවත් ඊට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටට පත් වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.