
විදේශ සබඳතා අමාත්‍ය සභානායක හා මහජන එක්සත් පෙරමුනේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් විදේශ කටයුතු හා යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍ය ජින් ඇසෙල් බර්න් මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විනි
බෙල්ජියම’. ප්‍රංශය සහ ජර්මනිය වට කොටගත් කුඩා රාජ්‍යයක් වන ලක්සම්බර්ග් යුරෝපයේ ඉතා ප්‍රකට මූල්‍ය මධ්‍යස්ථානයකි. විදේශ ඇමැතිවරයා මෙවැනි ප්‍රකට මූල්‍ය මධ්‍යස්ථානයක් සමග ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ කිරීම ඉතා ප්‍රතිඵලදායක විය හැකි බවයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ලංකාව හා ලක්සම්බර්ග් අතර ඉදිරියේදී සිදු කිරීමට අදහස් කරන ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව දෙදෙනා අතර මෙහිදී අදහස් හුවමාරු වූ බව විදේශ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ගාමිණී ගුණසේකර පවසයි.
සංචාරක හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර ගැන මෙහිදී අවධානයට ලක් ලක්වූ බවයි ගාමිණී ගුණසේකර පැවසුවේ.