බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලාංකිකයින් දහදෙනෙක් කොරෝනාවට බිලිවෙති

dead

බ්‍රිතාන්‍යයේ මේ වනවිට පුද්ගලයන් 7097 ක් වෛරසයට බිලි වී තිබේ. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 60,000 ඉක්මවා ඇත. එංගලන්තය තුළ මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මියගිය එක් වෛද්‍යවරයෙකු වන්නේ 70 හැවිරිදි වියේ පසු වූ ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ මහතාය. 1967 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් ඔහු එංගලන්තයට සංක්‍රමණය වීමෙන් පසුව එරට කිංස්ටන් රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය.

ඔහු විසින් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව කෘති කිහිපයක් ද සම්පාදනය කර තිබේ. ඔහු විසින් රචිත “A Dictionary of the History of Medicine” කෘතිය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභා සම්මානයටද පාත්‍රව ඇත.

ඊට අමතරව “Dates in Medicine”, “A Dictionary of the History of Science”, “A Complete Illustrate of Sri Lanka”කෘතිද ඔහු විසින් රචනා කර තිබේ.

මෙතෙක් කොවිඩ් වෛසරය විසින් බිලිගත් කීර්තිමත්ම ශ්‍රී ලාංකිකයා වන්නේද සෙබස්තියන්පිල්ලේ මහතාය.

මේ දක්වා මහා බ්‍රිතාන්‍යයේදී මිය ගිය බවට තහවුරු කළ ශ්‍රී ලාංකිකයන්ගේ විස්තර පහතින් දැක්වේ.

01. හෙන්රි ජයවර්ධන (ලන්ඩන් නුවර ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කළේය)

02. ලකී විජේරත්න (අවුරුදු 61 ලන්ඩන් නුවර පදිංචිව සිටියේය)

03. සිදරම්බර්ම් පිල්ලේ කුග ප්‍රසාද් (ඊස්ට් ලන්ඩන්, අවුරුදු 75, ආදායම් බදු නිලධාරියෙක් ලෙස සේවය කළේය)

04. ලොකු ලියන වඩුගේ සුදත් තිලකසිරි ( නැගෙනහිර ලන්ඩනයේ පදිංචිව සිටියේය. පානදුර සුමංගල විදුහලේ ආදි සිසුවෙකි)

05. අනුර ගාල්ලගේ අවුරුදු 62 (එඩිමන්ටන් උතුරු ලන්ඩනයේ පදිංචිව සිටියේය)

06. ලලිත් චූල පෙරේරා (අවුරුදු 72 ලන්ඩන් ඇක්ටන් හි පදිංචිව සිටියේය. කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි)

07. වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන් පිල්ලේ ( අවුරුදු 70 කිංස්ටන් රෝහලේ විශ්‍රාමික වෛද්‍යවරයෙකි)

08. වෛද්‍ය ශිව නන්දන් (අවුරුදු 76 විශ්‍රාමික වෛද්‍යවරයෙකි)

09. විල්සන් පන්නිපිටියේ මහතා (අවුරුදු 80 නෝර්ත් හැම්ප්ටන්)

10. පාස්ටර් දේවා අමරසිංහ( Slough ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පාස්ටර්වරයෙකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.