මරණ 21,000 ලෝකයෙන් තුනෙන් එකක් අක්‍රීයයි

dead

ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව අද වනවිට 21,000 කඩඉම ඉක්මවා ගොස් තිබේ. තවද කොරෝනා සම්බන්ධිත තත්වයන් (ලොක්ඩවුන් වීම සහ නිවසේ සිට වැඩකිරීම ඇතුළත්ව) ලෝක ජනගහනයෙන් 1/3කට බලපා ඇති බව ද වාර්තා වේ.

ගෝලීය මරණ සංඛ්‍යාව 21,000 ක්

මේ වන විට ලෝක ජනගහනයෙන් 472,000 ක් දෙනා කොරෝනා වෛරසයෙන් ආසාදිතව ඇති අතර, 21,000 ක් මිය ගොස් තිබේ. මෙය, ජෝන් හොජ්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් හෙළිදරව් වේ.

ඇමරිකාවෙන් ඩොලර් ට්‍රිලියන 2 ක සහන පැකේජයක්

මෙයට අදාළ අනුමැතිය ඇමරිකානු සෙනෙට් සභාව විසින් ඊයේ ලබාදීම සිදුවිය. ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව මේ වන විට 65,000 ඉක්මවා ඇති අතර, මරණ ගණන 930 කි. නිව්යෝක් ජනපදය, ඇමරිකානු කොරෝනා වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත. ගතවූ දින 3 තුළ කොරෝනා රෝගීන් හමුවීම නිව්යෝක් ජනපදය තුළ තුන් ගුණයකින් වැඩි වී තිබීම මෙයට හේතුවයි.

ස්පාඤ්ඤය චීනය පරදවයි

ස්පාඤ්ඤයෙන් මේ වනවිට චීනය ද පරදවා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබේ. මේ වන විට ස්පාඤ්ඤය දෙවැනි වන්නේ ඉතාලියට පමණි. ඊයේ දිනයේ ස්පාඤ්ඤයෙන් ලෝකයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වන 700 ක් වාර්තා විය.

සෝනියාගේ උපරිම සහාය මෝදිට

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට යොමු කර තිබේ.

මෝදි මහතාට ලිපියක් යොමු කරමින් මෙම යෝජනා ඇය ඉදිරිපත් කර ඇත. දින 21 ක කාලයක් ඉන්දියාවේ සියලු කටයුතු නැවැත්වීමට ගත් තීරණය ඇය මෙහිදී අගය කර ඇත. වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය පළකරන බවද ඇය සඳහන් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.