මුව ආවරණ නැති තරුණිය වැළැක්වුවාට ආරක්ෂක නිලධාරියාට වෙඩි

මුව ආවරණයක් නොමැතිව වෙළෙඳසැලකට ඇතුළු වීම වැළැක්වූ ආරක්ෂක නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ දී එකම පවුලේ සාමාජිකයින් පිරිසක් විසින් 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වෙළෙඳසැල් වෙත පැමිණීමේ දී මුව ආවරණ පැළඳීම අනිවාර්යය කර ඇති අතර එම නියෝග නොතකමින් පැමිණි තරුණියකට වෙළෙඳසැලට ඇතුළුවීමට ආරක්ෂක නිලධාරියා අවසර ලබා දී නොමැති බව සඳහන් වෙයි.

එම තරුණිය ඒ පිළිබඳ සිය මවට දැනුම් දී ඇති අතර එහිදී මව,පියා සහ පුත්‍රයා එක්ව අදාළ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර තිබේ.

සිද්ධියට අදාළව ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.