ලොව පුරා ආසාදිතයින් ලක්ෂ16 මරණ 96373

coronavirus

ලොව පුරා කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1,610,119ක් දක්වා වැඩිවී ඇත. ඒ රටවල් 209 කින්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 96,373ක්. 358,627ක් සම්පුර්ණ සුවය ලැබූ පිරිසට ඇතුලත්.

ඊයේ (09) දිනයේදී වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තාවුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එම සංඛ්‍යාව විසිහය දහස් හත්සිය හැට හයක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන හාරලක්ෂ විසිහත් දහස් එකසිය එකක් දක්වා වැඩිවී තිබේ.

ස්පාඤ්ඤය , ජර්මනිය, එංගලන්තය සහ තුර්කිය ඊයේ දිනයේදී වැඩිම ආසාධිතයන් වාර්තාවූ සෙසු රටවල් ලෙසයි සැලකෙන්නේ.

කොරෝනා ආසාධනය වූ බ‍්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන නමුත් ඔහුගේ තත්වය දියුණුවෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ග්‍රීන්ලන්තය

මේ අතර ග‍්‍රීන්ලන්තයෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් එකොලොස්දෙනාම සම්පුර්ණයෙන්ම සුවය ලබා අපි අතර දින 4 ක කාලයේදී ග‍්‍රීන්ලන්තයෙන් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තාවී නැත.

නෙදර්ලන්තයේ මල් විනාශ කරයි

දිනකට මල් මිලියනයක් පමණ විනාශ කරන බව නෙදර්ලන්තය ප‍්‍රකාශ කළා.ඒ කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ මල් සඳහා ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන්. සූරියකාන්ත, රෝස, කපුරු සහ තවත් මල් වර්ග රැසක් මේ දිනවල නෙදර්ලන්තයේ බහුලව දැකගත හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පෙර වසරවලදී මල් මිලියනයක පමණ තොග මෙම කාලසීමාවේදී ලෝක වෙළෙද පොළට ඉදිරිපත් කළ බවයි එරට රජය පෙන්වාදෙන්නේ.

දිනකට වැඩිම මරණ ඇමරිකාවේ-1940

පිට පිට දෙවන දිනයටත් ඇමෙරිකාවෙන් වැඩිම කොරෝනා රෝගීන් මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ගත වූ පැය 24 තුලදී පමණක් ඇමෙරිකාවේ මිය ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1940 ක්.

මේ අතර ඉදිරි සති 08 ක කාලය තුලදී කඩා වැටී ඇති ආර්ථිකය නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.