වස ලැජ්ජාවයි – මියන් කුමාරට කුරිරු නොවන්නැයි මියන්මාරය ලංකාවට දන්වයි

miyan kumar

තමන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ “මියන් කුමාර” නැමැති හස්තියාට කුරිරු ලෙස සැලකීමෙන් වැළකී සිටින්නැයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට දන්වා ඇත. මෙවැනි කරුණක් විදෙස් රටකින් ශ්‍රී ලංකාව වෙත දැන්වීමට ඉඩ තැබීම කණගාටුවට කරුණක් බව පරිසරවේදීන් පවසති.

වසර 06කට පෙර බුරුම රජය විසින් බෙල්ලන්විල විහාරස්ථානයට මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ “මියන් කුමාර”හස්තියාට එරෙහිව සිදුකර ඇති කෘරත්වය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් හා සිදුව ඇතැයි කියන එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි මියන්මාර ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරයා පසුගිය 30 දා එම හස්තියා බැලීමට බෙල්ලන්විල රජමහ විහාරස්ථානයට යෑමට නියමිත බව එහි වැඩිදුරටත් දැක්වේ.

පන්සල් කටයුතු පිළිබඳ වගකීම බාර ගන්නා එක් භික්ෂුන් වහන්සේ නමක් එකී සිද්ධිය සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළ බවද මියන්මාර විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

බෙල්ලන්විල විමලරතන හිමියෝ

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ 2018 පෙබරවාරියේ දී පන්සලේ දී මියන් කුමාර හස්තියාගේ පහරකට ගොදුරු වීමෙන් දින කිහිපයකට පසු අපවත් වූහ.

කෙසේ වෙතත් මියන්කුමාර හස්තියා සම්බන්ධව පසුගිය දිනවල හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම මියන්මාර ජනතාවගේද අවධානය යොමුව තිබේ.

අලි ඇතුන් ශ්‍රී ලංකාවේ නීතියෙන් ආරක්ෂා කර ඇති පූජනීය සතුන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 1900 දී සිදු කළ ඇස්තමේන්තුගත කිරීම අනුව 12,000ක් වුවද එය මේ වන විට සිට 7000 දක්වා අඩු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.