විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ප්‍රවේශ මාර්ගයක් – ශ්‍රී ලාංකිකයෙක් ආසාදනයෙන් මිය යයි

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊය් (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී.

මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරේ.

ස්විට්සර්ලන්තයේදී මියගිය ශ්‍රී ලාංකිකයා පුත්තලමෙන්

ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. අද දෙරණ කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇතිබවයි.

අදාල පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද තොරතුරු වාර්තා වී ඇති බව ඇය සදහන් කළේය. ඒ අනුව එම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි

ණය මුදලක් අය කිරීම ප්‍රමාද කරන්න

ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇත.

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් සහ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන IDA රටවලට කොරෝනා වෛරසය ව්‍යාප්තියක් සමඟ දැඩි ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක ඇති කරනු ලැබේ.

මෙහිදී වහාම ක්‍රියාත්මක වන පරිදි ණය දෙන රටවල නීතිරීතිවලට අනුකූලව IDA රටවලින් ණය ගෙවීම අත්හිටුවන ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලූම නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටී.

මෙය IDA රටවල ක්ෂණික ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අභියෝගයන්ට මුහුණ දීමට සහ එක් එක් රට සඳහා අර්බුද බලපෑම සහ මූල්‍ය අවශ්‍යතා තක්සේරු කිරීමට කාලය ලබා දෙනු ඇත.

මීටරේ තියා ගත්තේ නැත්නම් $10000 දඩ ගැසීමට සිංගප්පූරුව සූදානම්

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවමපරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රකාශයට ඇති මෙම තීරණය අද (27) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වැලැක්විමේදී සමාජ දුරස්තභාවය පවත්වා ගැනිම මූලික කරුණක් වේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල දීමීටරයක අවම පරතරය පවත්වා ගැනිමට කටයුතු නොකරන පුද්ගලයින්ට සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක් හෝ මාස 06ක සිරදඩුවමක් නියම වනු ඇති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා පුද්ගලයින් 10කටවැඩි සංඛ්‍යාවක් එක්රැස්වීම තහනම් කිරිමට ද සිංගප්පූරු රජය සැලසුම් කරමින් සිටිනබව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.