දිනේෂ් නම් හේ……

Dinesh Gunwardena

මිනිසෙකුගේ ප්‍රතාපවත් බව කෙනෙකු දකින්නේ ඔහුගේ උසින් මහතින් හෝ කඩවසම් භාවයෙන් නොවේ. ඔහුගේ ක්‍රියාකාරීත්වය මඟිනි. එසේම කෙනෙකුගේ ප්‍රසන්න බව මතුවෙන්නේ ඔහුගේ වටිනා ඇදුම් පැළදුමින් හෝ ඔහු පාවිච්චි කරන යාන වාහන වලින් නොවේ. එහෙත් මේ දෙයාකාරයෙන්ම කෙනෙකු පොහෙසෙත්වේද ඔහු හැබෑවටම සුදුසු වන්නේ නායකත්වයටය. එහෙත් එම නායකත්වය පියාගෙන් පුතුට ගලා යන රාජ්‍යන වැඩවසම් යුගයෙන් මෑත කාලීන දේශපාලන සංස්කෘතියද උරුම කියන්නාක් නොවේ. එය තවත් වැදගත්ය. හෙතම සිංහයකෙුට දාව උපන්නේය. බොරළුගොඩ සිංහයා යටත් විජිත කොදෙව්වක් වු මේ රටේ එදා වාමාංශික ව්‍යාපාරයට පණ පොවමින් හිරු නොබසින අධිරාජ්‍යයට පහර පිට පහර දුන්නේය. ඔහුගේ පතිනිව සිටිමින් දේශපාලනයේ විමුක්තිකාමී පන්නරය ලැබු මාතාවක් එම සිංහ පැටවාට දේශපාලනයේ හය හතර කියා දුන්නාට සැක නැත.

එබැවින්ම බොරළුගොඩ සිංහයා නම් ලද පිලිප් ගුණවර්ධනයන් සේම ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ විවියන් ගුණවර්ධන සමඟ කියවෙන අනෙක් නාමය වු කුසුමා ගුණවර්ධන නම් වු මැතිනියන්ට පුත්‍රරත්නයෙකු වු විමුක්තිකාමීත්වයේ රණ හඬ උරුමයෙන්ම ගෙනාවේය. සැබැවින්ම ඔහු එම උරුමය සිය දේශපාලන ගමන් මඟට අත් පොතක් කර ගත්තා විනා එය තමාගේ දේශපාලනික හැකියාවට තැබු මුද්‍රාව බවට පත් කර නොගත්තේය. ඔහු නමින් දිනේෂ් ගුණවර්ධනයන්වේ.

“හානා හීය පානා අඬහැරෙන් දැනේ” කියුවා සේ කාලීන ශ්‍රී ලාංකීය පාර්ලිිමේන්තු දේශපාලන රටාවේ දේශපාලනයේ “අ” ”ආ” යනු නිවරදිව කියවු කීප දෙනා අතරින් ප්‍රමුඛයෙක් සේ ඔහු එම ශක්තිය ලබන්නේ පාර්ලිමේන්තුවේ බොහෝ කාලයක් වාඩි වී සිටීමෙන් නොවේ. අධ්‍යයනය තුළින් ඔහුගේ දේශපාලන ආකල්ප හැඩ කලා පමණක් නොව රට පොහොසත් කලේය. එබැවින් උරුමයෙන් ලද පන්නරයට නළල් පටක් බඳින්නේ උගත්කමික් සහ දේශපාලන සටන් කිරීමෙන් ලද පරිචයෙනි. වර්තමාන පාර්ලිමේන්තුව තුළ ඔහු සමඟ සැසදීමට ඇත්තේ අතක ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි. 1949 උපන් ඔහු මේ වන විට මෝරා ගියේ වයසට වඩා කල දේශපාලන සටන් හා ලද පන්නරයයි. මේ නිසා ඔහු වත්මන් සටන් මගේ පෙරමුණ ධඡය දරා සිටීමට අවැසි ශක්තිය සේම නායකත්වයේ සුපසන් බවද ලගා කරගන්නෙකි. කිසිවෙකුට ඔහු පිලිප් ගේ නම විකුණා ගන්නවා යැයි කිව හැකි නොවේ. ඔහු නෙදර්ලන්තයේ නයන්රෝඩ් විශ්ව විද්‍යාලයෙන් සහ ඇමරිකාවේ ඔරිගන් විශ්ව විද්‍යාලයෙන් ලැබු උපාධි වලින් තමා නිකන්ම සිංහ පැටවෙකු නොවන බව තහවුරු කළේය. ඔහු වරෙක පියාගේ දේශපාලන පක්ෂය වු මහජන එක්සත් පෙරමුණ පෙරට ගෙන යාමට කැප වු කීප දෙනෙකු ගෙන් ප්‍රබලයා වුයේය. මෙරට වත්මන් දේශපාලනය විසල් අසුන් ගණනක් හිමි නොවුවද, විසල් අසුන් ගණනක් හිමි ඇතැම් දේශපාලන පක්ෂ වලට වඩා ඔහුගේ හඬ සුවිසල් වුයේය. එය අරඹන්නේ 1977දී අවිස්සාවේල් අසුන විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් මහජන එක්සත් පෙරමුණට ලබා දෙමිනි. ඉන් පසු මෙතෙක් අපරාජිත දේශපාලන චාරිකාවක යෙදෙන ඔහුගේ ජීවිතයේ එම ගමන් මඟ පිරී ගොස් ඇත්තේ මහා ගල් බොරළු මැදිනි. මෑත කාලීන දේශපාලකයින්ගේ ගමන් මඟ පරීක්ෂාකර බලද්දී එදා මහා බ්‍රිතාන්යියට එරෙහිව හඬ නැඟු එන්.එම්. පෙරේරා, කොල්වින්, පිලිප්ලාගේ විප්ලවීය සදාතනික දේශපාලන පියවර සටහන් දැකිය හැකි වත්මන් කීපදෙනාගේ එකෙකු වීමේ උත්තම භාග්‍ය ඔහු ලබා තිබේ.

ඔහුගේ ජීවන ගමන් මගේ පසුවු සැතපුම් කණු මේ වන විට 71 කී. එහෙත් ඒවා මුළු මහත් සමාජය පුරා ආලෝකය පතුරුවා හැරි ප්‍රදීපස්ථම්භයක් සේ කැපවී සිටි. ඒවායින් මතුවුයේ අසාධාරණයට එරෙහිව, දේශපාලන කුහකකමට එදිරිව දැල්වුණු රක්ත වර්ණ ආලෝකයන්ය. රතුවන්ව දැල්වී ගිය එම ආලෝක වටා පිටාවට පතුරුවාලූයේ නීල වර්ණ ආලෝකයකි. ඒ ඔහු දැල්වු අරගලයේ ගිනි සුළඟ නිසා ඇවිලි ගිය සමාජ විරෝධතාවයේ දෝංකාරය විය. පාලකයන්ගේ කුරිරු හා අසාධාරණ තීන්දු හකුලා ගන්නා තුරු ඔහුගේ හඬ දෝංකාර දුන්නේය. ඒවා අතින් අත යන යශ්ඨියක් සේ ශක්තිමත් වෙමින් පැතිර ගියේය. ඔහු මුවහත් කළ අරගලයේ කරගල මතින් නැගුණු විරෝධාකල්පය වඩාත් කැපී පෙනෙන මොහොතක් වුයේ 1990දී ලංකා බැංකුව හා මහජන බැංකුව පෞද්ගලීකරණයට එරෙහිව නැගූ හඬයි. එය අනෙක් අරගල හා විරෝධතා අතර කැපී පෙනෙන්නේ එතෙක් පැවති රජයේ බැංකු දෙක එදා පෞද්ගලීකරණයට හසුවුවා නම් මේ රටේ පොදු මිනිසාගේ ආර්ථික උණ හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ඇටයක් හෝ අනාගතයේදී නොලැබී යන්නට තිබු ඉඩ අසුරාලු නිසාය. එය මේරටේ දැවැන්ත ආර්ථික සූරා කෑමකට එරෙහිව ගත් සූක්ෂම හා අනාගතය දුටු පියවරකී.

මේ සෑම සටනක්ම අධිරාජ්‍යවාදයට එරෙහිිවු අරගලයේ ඔවුන්ගේ ජයග්‍රහන පරාජය කරවීමකි. එය මේ රටේ පොදු ජනතාවගේ ජයග්‍රහනයකි. අධ්‍යාපන ධවල පත්‍රිකාව පාලකයන්ට හකුලා ගන්නය වැඩ සැලසීම මහජන එක්සක් පෙරමුණේ හැඩ හෝ ජන ලකුණ හෝ අමතක කරන්නට උත්සහ ගත් බොහෝ දෙනෙකුට අමතක නොවන පාඩමක් කියා දෙන මොහොතකි. මේ රටේ ප්‍රගතිශීලී දේශපාලනයේ කඩඉම රැක ගන්නට තිබු අවසන් මොහොතක එය සිදු කලේද දිනේෂ්ගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණයි. 1981 දී මුද්රා තැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත් වීමට සිය ඡන්ද සළකුණ ලබා දීමෙන් ඔහු එදා එම සහෝදර පක්ෂයද බේරා ගත්තේය.

අරගල වලට ඔහුගේ මැදිහත් වීමේ ලැයිස්තුවක් ඉදිරිපත් කරනවාට වඩා ඔහු මේ රටේ මෑත කාලීන සියළු ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධි හා සංස්කෘතික ආගමික විරෝධී අරගල වල ඉදිරියෙන් සිටියේය. ඒ බොහෝ අරගල වල හඬ ඔහුගේය.

ඔහු ඔහුගේ සුපුරුදු පාරම්පරික අනන්‍තාවය ඊයේ පෙරේදා නව රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පෙන්නුම් කරමින් සිටී.

(  දිනේෂ්  ගුණවර්ධනයන්  මාර්තු 2 වන දා   සිය හැත්තෑ එක්වන උපන් දිනය සමරයි)

චමින්ද වෙලගෙදර විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.