සුභ ගමන් මිත‍්‍රයා: මී උණෙන් මිය ගිය නාවිකයා

මේ   කොරෝනා වෛරස් ආසාදන සමයේ  වැලිසර නාවික හමුදා කදවුරේ රාජකාරි කළ විරෝධාර නාවික හමුදා නිලධාරියකු මිය ගියේය. එසේ වෙද්දී. ඒ මරණය ගැන විවිධ කට කථා පැතිර ගියේය.

සමහරු කීවේ එම නාවික හමුදා නිලධාරියා කොරෝනා වෛරසම සෑදි මිය ගිය බවයි. එහෙත් සත්‍ය එය නොවේ. එම නිලධාරියා මිය ගියේ මී උණ නැමැති රෝගය වැළදීම නිසා  බව තහවුරු වී තිබේ.

සුනිල් බණ්ඩාර දොඩම්වල තරුණයා ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සුනිල් කුඩා කළ සිටම ඉතා දක්ෂ ළමයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක ඔහු අධ්‍යාපනය හැදැරුවේය. අධ්‍යපන කටයුතුවලට මෙන්ම විෂය භාහිර කටයුතුවලටද සුනිල් එකසේ දස්කම් දැක්වුවේය.

පන්තියේ දක්ෂතම සිසුන් අතර සුනිල් සිටියේ පෙරමුණේය. පාසල් විවාද කණ්ඩායමේ නායකයා වුයේ ඔහුය. අසළ ගම්හතකවත් ඔහු සමග විවාද කිරිමට සමතෙක් නොසිටියේය. එලෙසම මළල ක‍්‍රීඩා තරගවලදී පවා සුනිල් සිටියේ ඉදිරියෙන්ය. තවද ඔහු ගායකයෙකි. දක්ෂ පාපන්දු කි‍්‍රීඩකයෙකි. එම දක්ෂතා නිසාම සුනිල් පාසලේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් අතර ජනප‍්‍රිය චරිතයක් බවට පත්විය.

එලෙස කාලය සුපුරුදු පරිදි ගෙවි ගියේය. සුනිල් උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. එය ඔහු උසස් ලෙස සමත් විය. සරසවි වරම් පවා ඔහුට හිමි විය. ඒ අනුව ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

සිව් වසරකට පසු ඔහු සරසවියෙන් පිට විය. ඒ උපාධිධාරියකු ලෙසින්ය. ඔහුගේ සරසවි මිතුරු මිතුරියෝ විවිධ රැකියාවන් වල නිරත වුහ. එහෙත් සුනිල් රැකියාව වශයෙන් තොරා ගත්්තේ ආරක්ෂක අංශයයි.

දෙමාපියන්ගේ ආශිර්වාද මත 2008 වර්ෂයේ ඔහු නාවික හමුදාවට බැඳුණි. ඒ බලලත් නිලධාරියකු ලෙයසි. එම කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයා සුනිල්ය. වයසින් අඩුවුවත් ඔහුගේ දක්ෂතාවල කිසි අඩුවක් නොතිබුණි. පාසල් ජිවිතයේ මෙන්ම නාවික හමුදා පුහුණු කණ්ඩායම තුළද සුනිල් කැපී පෙනෙන චරිතයක් විය. පුහුණුව ලැබු අනෙක් සගයන් ඔහුව හැදින්වුයේ ‘‘පීරා’’ යන අන්වර්ථ නාමයෙනි.

මාස හයක පමණ පුහුණුවකින් පසු සුනිල් නාවික හමුදාවට බැදුණි. ඒ උප ලූතිනන් වරයකු වශයෙන්ය.

නාවික හමුදා නිලධාරියකු වු පමණින් ඔහු ඔලූව උදම්මවා ගත්තේ නැත. නිවාඩුවට ගමට ගිය පසු ඔහු ගැමි තරුණයකු ලෙසින් හැසිරුණේය.

ගම්මුන්ට එසේ සලකද්දී ඔහු තම පාසල් සහ සරසවි මිතුරන්වද අමතක කළේ නැත. කොතරම් කාර්ය බහුල වුවත් හැකි උපරිම අයුරින් ඔහුන් සමග සබදතා පවත්වාගෙන ගියේය.

සුනිල්ට විවාහ විමට නිසි වයස පැමිණියේය. කලක් ඇසුරු කළ තම පෙම්වතිය වන මේනකා සමග දේපාර්ශවයේම ආශිර්වාද මැද ඔහු විවාහ විය. ඉතා සුන්දර යුවතියක් වු ඇය පෙර ආත්මයන්හීද සුනිල්ගේ ආදරණිය බිරිද වන්නට ඇත. ඒ තරම්ම ආදරයක් සහ අවබොධයක් දෙදෙනා අතර තිබුණහ.

විවාහයෙන් මාස කිහිපයකට පසු ඔවුහු දරු සුරතල් බැලූහ. ඒ එක් දරුවකුගේ නොව දරු දෙදෙනෙකුගේය. ඔහුන්ගේ කැදැල්ලට නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු එකතු විය.

ලද සැම මොහොතකම ආදරණිය බිරිද සහ දරු දෙදෙනා බැලීමට ඔහු ගලේන්බිදුණුවැව තම ගමට පැමිණියේය.

මානව සම්පත් පශ්චාත් උපාධිය හදාරා

සුනිල් ඒ වනවිට නාවික හමුදා මුලස්ථානයට අනුයුක්තව සේවය කළේය. ඒ ලූතිනල් කොමාණ්ඩර් කෙනෙකු ලෙසින්ය. කොතරම් කාර්ය බහුල වුවත් ඔහු අධ්‍යපන කටයුතු අතහැරියේ නැත. උපාධියෙන් පසු ඔහු කොළඹ සරසවියේ කලමනාකරණ අධ්‍යන අංශයේ මානව සම්පත් පශ්චාත් උපාධිය හදාරා එයද ලබා ගත්තේය. එයින්ම සුනිල් සැම අංශයකටම කොතරම් දක්ෂයකුද කියා හැගේ.

කලක් යද්දී සුනිල්ට වකුගඩු ආශ‍්‍රිතව රෝගයක් සැදුණි. ඒ සදහා ඔහු ප‍්‍රතිකාර පවා ලබා ගත්තේය. එම කාලය අතර තුර කොරෝනා වසංගතය ද මෙරට පැතිරෙමින් තිබුණි. ඒ වසංගතය මෙරටින් තුරන් කිරිම සදහා විරෝධාර නාවික හමුදා සෙබලූන්ද විශාල කාර්ය භාරයක නිරත වෙමින් සිටියහ. ලූතිනල් කොමාණ්ඩර් සුනිල්ද ඒ අතර විය.

පසුගිය සතියේ දිනක ලූතිනල් කොමාණ්ඩර් සුනිල්ට උණ රෝගය වැළදී තිබුණි. වෙනදා සුනිල් එවැනි රෝගයක් සත පහකටවත් ගණන් ගන්නේ නැත. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වයත්, නාවික හමුදා සෙබලූන් පිරිසකට කොරෝනා වසංගතය සැදි ඇති නිසාත් ප‍්‍රතිකාර ගැනිම සදහා ඔහු නාවික හමුදා මහ රෝහලට ඇතුළත් විය.

එහිදී වෙද්‍යවරු ඔහුව පරික්ෂා කළහ. ඒ අනුව ඔහුන් නිගමනය කළේ මොහුට මී උණ සෑදි ඇති බවයි.

මළ හිරු බැස යන සැන්දැවක, නාවික හමුදා උත්තමාචාර වෙඩි හඩ මැද්දේ නිරෝධායන නිතීයට අනුව ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධාර නාවික නිලධාරි ලූතිනල් කොමාණ්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වල ගේ නිසල සිරුර භූමදානය කෙරුණි.

විරෝධාර නාවික නිලධාරි ලූතිනල් කොමාණ්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්වල මියගිය පුවත කණ වැකුණු පසු ඔහුගේ හිත මිතුරන් මුහුණු පොතේ තැබු සටහන් කිහිපයක් පහතින් මෙලෙස පෙළ ගස්වන්නෙමු.

කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලීන් අබේසේකර – ‘‘අපේ විවෘත විශ්ව විද්‍යාලයේ කලමනාකරණ අධ්‍යන අංශයේ මානව සම්පත් පශ්චාත් උපාධිය හැදෑරූ හොද ශිෂ්‍යයෙක්. සුන්දර මිනිසෙක්. සෑම මොහොතකම ලස්සන හිනාවක් එක්ක කාට හරි උපකාර කරන්න අමතක කළේ නැහැ. අවසාන වර මම කථා කළේ ගිය මාසේ. මට නවතින්න ත‍්‍රිකුණාමලයේ තැනක් සොයන්න. ඒකට මට ගොඩක් උදව් කළා. මල්ලී උඹට නිවන් සුව.’’

රජීව දිලූක්ෂාන් නිමලසේන – ‘‘ මේක නොලියා බැරි නිසා ලියන්න හිතෙනවා. පීරා උඹයි සෝලයි අපි බොරුවට රණ්ඩු වෙලා මගේ කකුලේ ඇගිල්ල තුවාල වුණා. පීරා උඹ සෝලා, ටිනා සහ හිපියා එක්ක එකතු වෙලා මාව කරේ තියන් දිවුවා පඹහින්න රෝහලට. ඇගිල්ල තාමත් කොටයි. එත් ශාන්ත බණඩාරෙට ආපහු ආවේ සිංදු කිය කිය. එතකොටත් මම උබගේ කරේ. අපි සිරි මැදුර කාන්තා හොස්ටල් එකේ නමත් වෙනස් කෙරුවා සිර මැදුර කියලා. අපිි ශිෂ්‍ය සංගම්වල ඉන්නකොට කරපු දඩබ්බර වැඩ මතකයි. ඒ ඔක්කොම උබගේ දක්ෂතා වලින් හැංගිලා ගිහින් තිබුණේ. උඹ ආදරණියයි. එත් නුඹ යන්න ගිහින් සුබ ගමන් මිත‍්‍රයා.’’

ඉක්ම් ශ්‍යම් – ‘‘ දයාබර දොඩම් අයියා, ඔබට අජරාමර නිවන් සුව…!!! නිරෝධායන නීතීන්ට අනුකූලව හා නාවික හමුදා ගෞරව සහිතව අවසන් කටයුතු කිරීමට සැලසුම් ’’

බෙන් සිතාරේ – ‘‘ පීරා, ගිහින් එන්න සහෝදරයා..
අපි ආයෙත් දවසක හමුවෙමු. අතිදක්ෂ ඔබේ නිවේදක හඬින් හඳුන්වා දෙද්දී ගීයක් ගයන්නට එන්නම් සරසවියේ දී එදා වගේම..

නේව් එකේදි දැක්ක හැම තැනකම උඹ මගේ ළඟට ඇවිත් කතා කරල ගියේ කැම්පස් ෆිට් එකට. එක බැච් එකේ එකට ඉගෙන ගත්ත යාළු කමට. මාසෙකට විතර කලින් දවසක මට දුරකථනයෙන් කතා කළා මට ඇතිවූ රාජකාරී ප‍්‍රශ්නයක් කොහෙන් හෝ දැනගෙන ඒ ගැන සොයා බලන්නට. උදව්වක් අවශ්‍යනම් මට උදව් කරන්නට. උඹ නේවි එකේ කොච්චර ලොකු තැනක හිටියත් ඒ උඹේ මනුස්සකම. මාස 6 කට විතර කළින් මට උඹව හමුවුණා භ්ඍ් එකේදි. උඹේ ලොකු මහත්තය ඉද්දිම මං වෙනුවෙන් නැවතිලා උඹ ගියේ අත අල්ලල කතා කරල. මට කතා කළා තේ පැයේදි තේ බොන්න උඹෙ ඔෆිස් එකට එන්න කියලා. ඒත් එදා මට උඩට එන්න බැරිවුණා උඹත් එක්ක ඒ තේ එක බොන්න. හොඳ මිනිස්සු ඉක්මනට යන්න යනවා. අවුරුදු 36ත් වයසක් ද? ගණන් හදලා බලද්දී අපේ මිත‍්‍රත්වය අවුරුදු 16ක්.

එන්න බැරිවේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට. උඹට අවසන් හස්ථ ආචාරය දක්වන්නට. සමාවෙයන් අපිට. මේ මහා ව්‍යසනය නොතිබුණා නම් සුදු පාට නිළ ඇඳුම් බොහෝමයක් පැමිණේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට. කැම්පස් එකේ වගේම නේවි එකෙත් උඹ ගොඩාක් අයට උදව් කළ, සහෝදරත්වය පිරුණු හිත හොඳ මනුස්සයෙක් නිසා.

උඹ ගියාට මතකය හැමදාමත් තියේවි. සුබ ගමන් මිත‍්‍රයා. සුබ ගමන් ලූ‍තිනන් කමාණ්ඩර් සුනිල් දොඩම්වල නිළධාරියාණෙනි..’’

දේශාන් කරුණාරත්්න – ‘‘ආදරනීය දොඩං…

අනිත් හැම ප‍්‍රවෘත්තියක් වගේම දොඩං අප අතරින් වෙන් වෙලා ගිහින් කියල දැනගත්තෙත් මූනු පොතෙන්..

ඉස්කෝලෙ යන කාලේ අපි A පන්තියෙ ඉන්නකොට දොඩම් හිටියෙ ඊ පන්තියෙ…

ඉස්කෝලෙ භාශාවෙන් කිවුවොත් ඒ දවස් වල ඊ පන්තිය රන් කලේ දොඩම්…

අපේ වසරේ ඉස්කෝලෙ හිටපු කැපී පේනම චරිතෙ දොඩම්…. වචනේ පරිසමාප්ත අර්තයෙන්ම කට ඇති පුතෙක් වුන දොඩම් එක්ක කථික තරඟ වලින් තරඟ කරල දිනන්න පුලූ‍වන් අය පලාතෙම හිටියෙ බොහොම ටික දෙනයි..

වචන තුන හතරක් කියල හැමෝම අවනත කරගන්න දොඩම්ට තිබුනෙ පුදුම හැකියාවක්.. ඒ හැකියාව නිසාම ආදි ශිෂ්‍ය සංගමේ, තරුණ සංගමේ වැඩ හැමදේකම දොඩම් මුල්තැන අරං ඉන්නව මම දැක්කෙ මූනු පොතෙං…

ජීවිතේ පුරා අපි මූණ දෙන හමුවීම් වෙන්වීම් අතරේ දොඩම් ගැන මතකය හැමදාටම බොහොම වි⁣ශේෂම මතකයක් වේවි.

හිතා ගන්න අමාරු වුනත් දොඩම් යන්නම ගිහින්… සුභ ගමන් මිත‍්‍රයා…..’’

ඉලංගකෝන් සුජි – ‘‘ 2008 සැත්තැම්බර් 12 වන දින අපි 25 දෙනා එකට ත‍්‍රිකුණමලය ඇකඩමියට ඇවිත් 2009 මාර්තු 07 එකට පාස් අවුට් වෙලා ගිහින් විවිධ තැන්වල රාජ කාරි කලත් අපට ප‍්‍රස්නයක් ආවිට විසදුවේ මැදිහත්වෙලා උබ මචන් මේ අවසන් දවස්ටිකේ උබ මට කල් උදවු මගෙ දරුවන්ට කල උදවු කෙසේ අමතක කරන්න ද ආයේ අකල් මරනයකට උබ පත්වෙන්න එපා කවදාවත්..’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.