අලි හදවත ස්පන්දනය වෙන වේගය වැඩිවෙයි

කොළපාට ගැන්සියේ අලි හදවත පිළිබඳ ගැටලුව නිරාකරණය වී හංස ලකුණ පෙරට ගැනීමේ යෝජනාව දැන් ඉස්මතු වී ඇත. නවීන් දිසානායක නම් හදවත බොළඳ ලකුණකි. අකිල විරාජ් කාරියවසම්ට අනුව පරාජයේ සංකේතයයි. රනිල්ට නම් හදවත ගැටලුව කල්දමන දිව මතුරයි.

සජිත් ප්‍රේමදාස පසුගියදා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් නැගිට ගියේ විඩාබර මිනිසෙක් ලෙසටයි. මේ විඩාව තවත් ගැටළුවක් බව සිරිකොත මිදුලට ආ සජිත්ගේ හිතවතුන් පැවසූහ. නායකයෙක් ශක්තිමත් විය යුතු බව කියා සිටියේ අජිත් පී පෙරේරාය. සජිත් පිල වඩාත්ම කුපිත වී සිටින්නේ නාමයෝජනා ගැටලුව සම්බන්ධයෙනි. නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය වික්රපමසිංහ අතර දීමට ඔවුන් එකඟ නැත.

මම නිකම්ම පඹයෙක් කියලද හිතන්නේ කියා සජිත් ඇසුවේ තමන්ට එක්සත් ජාතික පක්ෂයට ගෞරව කරන්නට කාගෙවත් ටියුෂන් අවශ්යත නැති බව කියමින්. රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා චම්පික රණවක යන සන්ධානගත අනෙක් පක්ෂ නායකයින් හරිත සහය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මේ පිරිසට යම් තරමක ඔක්සිජන් ලැබී තිබේ. මේ ක්‍රියාව යම් තරමකට රනිල් වික්‍රමසිංහ ගේ මුරණ්ඩු ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට හේතුවන බව විචාරකයින් පවසන්නේ.

කල් මැරීම

මොන ලකුණෙන් තරඟ කලත් අරමුදල් සම්පාදනය කිරීම එක්සත් ජාතික පක්ෂයට පහසු කටයුත්තක් නොවේ. රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ මේ කල් මැරීම පරාජයට අත වැනීමක් වන බවයි.

මංගල සමරවීර මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පැවසුවේ ලකුණු ගැන ඡන්දය විමසීම පරාජය සනාථකර ලකුණක් බව. හැමෝම පරාජය ගැන කතා කරන අතර අරං පමණක් ජය ගැන කතා කරයි. ඔහු සැබවින්ම මෙය අර්බුදය ජයගෙන ඇත. පක්ශනායකත්වය ඔහුගෙන් ලේසියෙන් ගලවාගත නොහැකි බව සනාථ කොට හමාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.