ඉදිරි මැතිවරණය ලොකු කැඳහැළියක් සහ කොරෝනාව

elections

මැතිවරණ නාමයෝජනා සමය සියලු පක්ෂ අර්බුදයට ඇද දැමූ ලොකු කැඳහැළියක් බවට පත්විය. එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ අනන්‍යතාවය තහවුරු වෙන පරිදි නාමයෝජනා දීගත නොහැකි විය.

අලියා සහ දුරකථනය අතර ගැටුම තවත් ඉදිරියට ඇදෙනු ඇත. කරු ජයසූරිය මැතිවරණ සටනින් ඉවත් වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරකට වඩා තමන්ගේ ආත්ම ගරුත්වය වටිනා බව කියමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කඩිනම් පියවර ක්‍රියාත්මක කරමින් රෝහල් ඉදිකරමින් වෛද්‍යවරුන්ගේ සහයෝගය ලබාගෙන කටයුතු කරන අතරවාරයේ එක්සත් ජාතික පක්ෂය පාර්ශව දෙකම ආණ්ඩුව ඉතාලියෙන් පැමිණි ජනතාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව චෝදනා එල්ල කරන්නට වූහ. මෙය විහිළුවකට වැඩි යමක් නොවේ.

පාර්ලිමේන්තුව කැඳවීම, පක්ෂ නායක සමුළු කැඳවීම, ආණ්ඩුවට මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කිරීමේ අයිතිය අහිමි වන බව කීම ආදී විකාරසහගත යෝජනා ඉදිරිපත් කිරීමට වඩා වැඩියමක් එක්සත් ජාතික පක්ෂය පාර්ශව දෙකටම සිදු කළ නොහැකිව ඇත.

ඉතාලියේ ස්විට්සර්ලන්තයේ ඇමරිකාව එක්සත් රාජධානිය වැනි රටවල් පවා හොට බිම ඇනි ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හැකි පමණ හොඳින් වැඩකටයුතු කරගෙන යන බව කීමට තරම් නිහතමානි වීමට හැකියාවක් විපක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට නොමැතිවීම කනගාටුදායක ය.

රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන සාමුහිකව පිස්සු කෙල්ල සමයක මෙම ව්‍යසනය සිදුවූවා නම් රටට කුමක් සිදු නැද්ද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරති. සියලු තොරතුරු ලැබී තිබියදී වාස්තුවිද්‍යා ව්‍යසනය වලක්වා ගත නොහැකි වූ ඔවුන් මේ රජයට උපදෙස් දීම විහිළුවක් බව විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර වාරයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ විචාරකයින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ජාතිය ඇමතිම තුළින් තමන්ට මැතිවරණය ජයග්‍රහණය කොට තුනෙන් දෙක ලබාගැනීම වඩා වැදගත් යන

කාරණේ ඉස්මතු කළ බවයි. ජනාධිපතිවරයා යනු පොහොට්ටුවේ ප්‍රකාශකයා නොවේ මම මුළු රටේම ජනාධිපතිවරයාය ජාතික ව්‍යසනයකදී පටු දේශපාලනයට ඔබ්බෙන් ගිය ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටීම ජනාධිපතිවරයාගේ වගකීම විය යුතුය.

පරිප්පු සහ සැමන් අඩු කළ ආකාරය පිළිබඳව මිශ්‍ර හැඟීම් මාධ්‍ය ඔස්සේ වාර්ථා වේ. ආසාදන තත්ත්වය පාලනය කරගත හැකි වූවොත් මැයි තිස්ස නිදා පමණ විට මැතිවරණ පැවැත්විය හැකිය. කෙසේ වෙතත් මෙම නාම යෝජනා අනුව මැතිවරණය ජූනි දෙවැනිදාට පෙර පැවැත්විය යුතුය.

පොහොට්ටුවේ නාමයෝජනා පත්‍ර ද අර්බුදවලින් තොර නොවීය. පොළොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස සිරිපාල ගම්ලත් නම් කිරීම සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ දැඩි විරෝධයක් දැක්විය. පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් රොෂාන් රණසිංහ දිස්ත්‍රික් නායකයා ලෙස පත් කරන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම අන්තිම මොහොතේදී ටිපෙක්ස් කොට ඉවත් කිරීමට සූදානමක් තිබූ බවද වාර්තා විය. මේ ගැන හිටපු ජනාධිපති සිරිසේන අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දැනුම් දුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් හෙලිකොප්ටරෙන් පොළොන්නරුවට ගොස් ප්‍රශ්නය විසඳුවේ ය.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය ලැයිස්තුවට ඒ එච් එම් ෆවුසි අතුල් කිරිම සම්බන්ධයෙන් මරික්කාර් සහ රහමන් මන්ත්‍රීවරයා විරෝධය පළ කළේය. ෆවුසි මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු 84 කි. ඔහු ඉතා කාර්යක්ෂමව කටයුතු කරමින් සිටී.

යාපනයේ දෙමළ ජනතා පෙරමුණ මෙහෙයවමින් හිටපු ඇමති විග්නේෂ්වරන් පළමු වතාවට පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවට අවතීර්ණ වී සිටී. ඝාතනය කරන ලද රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සවි කලා රවිරාජ්

දෙමළ ජනතා සන්ධානය සමග එක්ව සිටි. යාපනයේ එක්සත් ජාතික පක්ෂය මෙහෙ වන්නේ විජයකලා මහේශ්වරන්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙ වන්නේ හිටපු මන්ත්‍රී අංගජන් මදන රාමනාදන්.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මෙහෙයවන්නේ කුමාර් පොන්නම්බලම්ය . සමගි ජනබලවේගය මෙහෙ වන්නේ වේලායුදන් ඥානේශ්වරන්මය. මෙවර දෙමළ ඡන්ද බෙදී යාම වළක්වාගත නොහැකි යථාර්ථයකි.

මෙවර පක්ෂවලින් අපේක්ෂකයින් 3,652 සහ ස්වාධීන අපේක්ෂකයින් 38000 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරති.

මෙම මැතිවරණය කැඳහැළියක් බවට පත්වනු ඇත්තේ එකම පක්ෂය තුළ අපේක්ෂකයින් අතර ඇති වන වාද භේද නිසා ය. මේ තරම් බල ලෝභීව කටයුතු කරන පිරිසකට ජනතාවට මඟ පෙන්විය හැකි දැන ප්‍රශ්නය අනිවාර්යෙන්ම මතුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.