රථ ගාය ආණ්ඩුකරණය අබලන් කළ හැටි – වික්ටර් අයිවන්

Victor Ivan

නිසි කලට නඩත්තුවක් නොලැබූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය අබලන්වී කඩාබිඳ හැලෙන තත්වෙකට පත්වී ඇතැයි රාවය කර්තෘ වික්ටර් අයිවන් පවසයි. මන්ත්‍රීවරුන්ට මහජන ආදායමෙන් සුපිරි වාහන ගෙන්වා ගන්නට ඉඩ දීම මේ ක්‍රමය බිඳ වැටීම සංකේතාත්මක ලෙස අර්ථ ගන්වන්න යැයි වික්ටර් අයිවන් පවසයි.

මන්ත්‍රීවරුන් තෘප්තිමත් කිරීම සඳහා ජනාධිපති ජයවර්ධන ආරම්භ කළ මේ දූෂිත ක්‍රමය රාජ්‍ය නිලධාරීන්ට ද බෝ විය. ලක්ෂ 300 ක් වටිනා වාහනයක් විශ්‍රාම යන විට ලක්ෂ දහයක් ගෙවා ගෙදර ගෙනයෑමේ සම්ප්‍රදාය ඇතිවිය. ජනාධිපති හා අගමැති භාවිතා කරන වාහනවල වටිනාකම ලක්ෂ 1000 ඉක්මවූ විට වාහන සංචිතය ඇති වාහන ප්‍රමාණය ඉතා ඉහළ ගියේය.

පෞද්ගලික කාර්ය මණ්ඩලයට පවුලේ සාමාජිකයන් ඇතුළු වූ විට ඇමති පවුලකට තීරු බදු බලපත්‍ර හතක් පමණ ලබාගත හැකි විය. ළමා නිවසක සිටින දරුවෙකුට දිනක නඩත්තුවට ලැබෙන්නේ රුපියල් විස්සකි.

වික්ටර් අයිවන් මේ වාහන අවභාවිතාව පිළිබඳව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායකයාව සිටියදී ඒ පිළිබඳ විමසා සිටියේය. මැතිනිය නිරුත්තර විය.

වික්ටර් අයිවන් මේ ප්‍රශ්නය අසා ඇත්තේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු මැතිණිය හා තවත් කිහිප දෙනෙක් සමග බුරියානි කමින් ය.

කුස්සියට අත සෝදා ගැනීමට ගිය විට නෙවිල් ප්‍රනාන්දු වික්ටර් අයිවන්ට කියාසිටියේ ඔහු කරන ප්‍රශ්න කිරීම් නිසා යූ එන් පී කාරයින් අතින් මැරුම් කෑමට ඉඩ ඇති බව තමා සිතාගෙන සිටියත් දැන් පෙනෙන අන්දමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් අතින් මැරුම් කෑමට ඉඩ ඇති බවය.

දීර්ඝ කාලයක් බලයෙන් පිටස්තර ව සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එක්සත් ජාතික පාක්ෂිකයන්ට වඩා කෑදර බව නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේය සිනාසෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.